Sunday, December 5, 2010

හෝයා හෙවත් ඉටිමල්....

කාලයකින් බ්ලොගය පැත්තේ ගොඩවදින්න බැරිවීම ගැන මගේ බලවත් කනගාටුව..






















අද කැන්ඩිගේ ඇසින් දකින්න ලැබුනේ ටිකක් දකින්න අපහසු එහෙත් ඉතාමත් අලංකාර මල් හට ගන්නා ශාකයක මල්.බොහොමයක් දෙනෙක් මෙම ශාඛය හඳුනන්නේ ඉටි මල් ශාකය යනුවෙනි.මෙය ධාරක ශාකයක එතී වැවෙන ශාකයකි.හෝයා ශාකය විශේෂයන් දෙතුන් සියයක් පමණ අඩංගුවන ශාක පවුලට අයත්වන නිවර්තන කලාපීය එතී වැඩෙන ශාකයකි.මෙම ශාක විශේෂය නැගෙනහිර ඉන්දියාව දකුනු චීනය හා ඕස්ට්‍රේලියාව නිජබිම් කරගෙන වැවෙන ශාකයකි.ලංකාවේ මෙම ශාකය ඉටිමල් යන නාමයෙන් හඳුන්වනු ලබයි.මෙම ඝනය උද්භිද විද්‍යාඥ රොබට් බ්‍රවුන් විසින් ඔහුගේ මිතුරකු වන උද්භිද විද්‍යාඥ තෝමස් හෝ සිහිවීම පිණිස නාමකරණය කරන ලදී.

ශාකය ගැන කෙටියෙන්

පත්‍ර

මෙම ශාකයේ පත්‍ර හැඩයෙන්ද ප්‍රමාණයෙන්ද පත්‍රස්වභාවයෙන්ද එක් එක විශේෂය අනික් විෂේශයෙන් වෙනස් වෙයි.මෙම ශාකයේ විවිධ විශේෂ විවිධ පත්‍ර ප්‍රමාණයන් දරයි.පත්‍ර සෙන්ටිමීටර් දෙකක් පමණ වන දිගක සිට සෙන්ටිමීටර විසිපහකපමණ දිගක් දක්වා විය හැක.සමහර විශේෂයන්හි රවුම් පත්‍ර මෙන්ම සමහර විශේෂයන්හි දිගැටිපත්‍රද දැකිය හැක.සමහර විශේෂයන්හි රිදී පැහැති පුල්ලි සහිත්වද පත්‍ර දැකිය හැක.සමහර පත්‍ර සිනිදු දිලිසෙනසුළු ස්වභාවයක් ගන්න අතර සමහර පත්‍ර වල රෝම දැකිය හැක.

මල්

මෙම ශාකයේ විවිධ විශේශයන්හි මල්ද විවිධ විශේෂයන්හි පත්‍ර මෙන් එකිනෙකාට වෙනස් ලක්ෂණ දරයි.නමුත් සියළුම විශේෂයන්හි මල් ත්‍රිකෝණාකාර පෙතිපහක් සහිත මල්වේ.සාමාන්‍යයෙන් මලක විශ්කම්භය මිලිමීටර දෙකක් තුනක් පමණ අගයක සිට අඟල් දෙකක් තුනක අගයක් දක්වා වෙනස් විය හැක.සමහර මල් ඉතා දීප්තිමත් වන අතර සමහර මල්පෙති වල කුඩා රෝම වැනි දේ දැකිය හැක.මල් විවිධ වර්ණයන්ගෙන් දැක ගත හැක.සුදු රෝස සහ කහ වර්ණයන්ගෙන් මෙන්ම මැරූන් දුඹුරු සහ අඳුරු වර්ණ සහිත මල් හට ගන්න විශේෂයන්ද දැක ගත හැක.මෙම මල් හට ගන්නේ පුෂ්ප මංජරියක වන අතර පුෂ්ප මංජරියක මල් සංඛ්‍යාව එකේ සිට පනස්පහක් අතර සංඛ්‍යාවක් දක්වා වෙනස් විය හැක.

අද මේ කැන්ඩිගේ ඇසෙන් දකින්න ලැබුන ඉටිමල් කැන්ඩිගේ නැන්දාගේ මල් එකතුවෙන් කැන්ඩි ඡායාරූප ගත කරන ලද ඒවාය.

කැන්ඩි....


0 comments:

Post a Comment