Thursday, December 16, 2010

රත් ගඟ සහ රත් ගඟ විහාරය-01



වර්තමානයේ ශ්‍රිලාංකික බෞද්ධ ජනයා අතර ඉතා ජනප්‍රිය සිද්ධස්ථානයක් වන රත් ගඟ විහාරය කැන්ඩිගේ ඇසින් ඔබට ගෙන එමි.


රත්නපුර නගරය පසුවනවාත් සමඟම රත් ගඟ විහාරයට යන මාර්ගය ඔබට හමුවේ.රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් තිහක් පමණ දුරක් ගෙවා ගමන් ගත්විට සුන්දර තේවත් යායක පිහිටි මෙම මනස්කාන්ත පරිසරය ඔබට හමුවෙයි.පසෙකින් රත් ගඟට මායිම් වන මෙම විහාර පරිශ්‍රයේ ඇති සුවිශේෂත්වය වන්නේ ඉන්දියාවේ ඇති බුදුරජාණන් වහන්සේ වැඩසිටි බොහෝ සිද්ධස්ථාන වල අනුරූ මෙම ස්ථානයේ ඉදිකර තිබීම හා ඉදි වෙමින් පැවතීමයි.දඹදිව වැඳ පුදා ගැනීමට ආර්ථික දුෂ්කරතා ඇති ශ්‍රීලාංකිකයන්ට එම ස්ථානවල අනුරූ මෙම පුදබිමේදී සියැසින් දැකබලා ගත හැක.1981 වර්ෂයේදී පමණ මෙම පුදබිම අතිපූජ්‍ය ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ වී ඇති අතර අදවන විට බොහෝ අනුරූ සිද්ධස්ථාන වල වැඩ නිමවී ඇති අතර තවත් ඉදි කිරීම් කටයුතුද සිදුවෙමින් පවතියි.

මෙම මුල් ඡායාරූප තුනෙන් ඔබට දක්නට ලැබෙන්නේ රත් ගඟ විහාරය මාර්ගය දෙපස ඇති මනරම් වූ තේ වතු යායයි.










මෙම ඡායාරූපයෙන් දක්නට ලැබෙන්නේ විහාර භූමියට ඇතුල් වූ විට අවට ඇති කඳු දර්ශනය වන ආකාරයයි.





මෙම ඡායාරූප තුනෙන් ඔබට දක්නට ලැබෙන්නේ සුන්දර වූ රත්ගං කොමළියයි.ජල පහර නිසා මැදුනු ඉතා සුන්දර පාෂාණ සහිත වූ රත් ගඟේ මෙම විහාර භූමියට මායිම් වන සීමාව ඉතාමත් අලංකාර දර්ශනයක් මවයි.නමුත් බැතිමතුන්ගෑඉ නොසැලකිලිමත්කම නිසා ගඟේ මේ ප්‍රදේශය අපවිත්‍ර වී ඇති බව දක්නට ඇත්.ගඟේ ස්නානය සඳහා යන බැතිමතුන් කඩදාසි, පොලිතීන්,වීදුරු සහ වෙනත් අපද්‍රව්‍ය මෙහි දමා ඒමෙන් මෙම සුන්දර නදිය අපවිත්‍ර වී ඇත.තවද බැතිමතුන් සඳහා වෙනම විශාල වියදමක් දරා වැසිකිලි පද්ධතියක් ඉදි කර තිබුනද ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන එම කටයුත්ත සඳහාද ගං ඉවුර යොදා ගැනීම නිසා සමහර ස්ථාන වල දැරිය නොහැකි දුර්ගන්ධයක්ද ඇති වී ඇත.මෙම නිසා ඔබත් මෙම ස්ථානය නැරඹීමට යනවා නම් එම ස්ථානය සුරැකීමට සහ එහි සුන්දරත්වය ආරක්ෂා කිරීමට ඔබත් දායක වන්න.













විහාර භූමිය සහ විහාර ඇතුලත ඡායාරූප සමඟින් නැවත හමුවෙමු.

කැන්ඩි....

4 comments:

BLOG ගඩොල් said...

nice post bro!

Anonymous said...

Thanks for the description and nice photoes

චතුර.... said...

@ blog gadol(puru puru)

Thanx bro

@ Anonymous

U welcome....

Anonymous said...

machan oya pansala haduwe kale kapala wikunala . mulu lankawema ya enawa mama nam giye eka parayi . parisaraya nam mmara lassanayi thamaa

- Rathanapure kollek

Post a Comment