Monday, December 27, 2010

රත් ගඟ සහ රත් ගඟ විහාරය-03

රත් ගඟ සහ රත් ගඟ විහාරය-02

මෙම ඡායාරූප කිහිපයෙනුත් දැක්වෙන්නේ පස්විසි බුදුරජ විහාරයේ ඇතුලත දර්ශනයි.

මෙම පළමූ ඡායාරූපයෙන් දැක්වෙන්නේ වෙස්සන්තර ජාතකයේ එන වෙස්සන්තර රජු විසින් තම දරුවන් ජූජක බමුණාට දන් දෙන අවස්ථාව නිරූපනය වන ඉදිකිරීම්ය.




මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ සත්සතිය නිරූපණය වන පිළිම වහන්සේලාය.



මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේට විළඳ සහ මීපැණි පිළිගන්වන ආකාරය නිරූපණය කර ඇති ආකාරයයි.



ඉන්පසුව මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අප සිදුහත් බෝසතාණන් බුදු වීමට දුෂ්කරක්‍රියාවේ නිරතව සිටි අයුරු නිරූපණය කරන ප්‍රතිමාවයි.



ඉන්පසු දැක්වෙන මෙමඡායාරූපයෙන් දැක්වෙන්නේ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදා වහන්සේ මෙරටට වැඩමවූ ආකාරය නිරූපණය වන ප්‍රතිමාවන්ය.




ඉන්පසුව මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිදුහත් කුමරු මහණ බව ලබන අයුර නිරූපණය කර ඇති ආකාරයයි.



මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිදුහත් කුමරු පස්පියුම් මත වැඩිය ආකාරය නිරූපණය කර ඇති ආකාරයයි.



ඉන්පසුව දක්නට ලැබෙන්නේ මාතුපෝසක ජාතකයේ බෝසතාණන් වහන්සේ තම මෑණියන් කර මත හිඳුවාගෙන ගොඩබිම කරා පිහිනන ආකාරය නිරූපණය කර ඇති ආකාරයයි.මෙම ඡායාරූපය ගැන යමක් සඳහන් කරනවානම් මෙම ප්‍රතිමාව අසලින් ගමන් කරන විට අන්‍යාගමික පිරිසක් සමඟ පැමිණ සිටි ලාංකික බෞද්ධ මඟ පෙන්වන්නෙකු එම පිරිසට කියාදුන් නව ආකාරයෙන් නැවත නිර්මාණය කරන්නට යෙදුන නව මාතුපෝසක ජාතකය කැන්ඩිට අමතක කළ නොහැකිය.



තවත් ඡායාරූප සමඟින් හමුවෙමු....

කැන්ඩි....

0 comments:

Post a Comment