Thursday, December 30, 2010

ඇඹලව රත්ගල් වෙහෙර-01

අදත් කැන්ඩිගේ ඇසින් ඔබට දක්නට ලැබෙන්නේ ඔබට දැක බලා ගැනීමට යා යුතු විහාරස්ථානයක ඡායාරූපයි.මෙම විහරස්ථානයේ වර්ථමානයේ භාවිතා වන නම නම් වන්නේ ඇඹුල්ගම රජමහා විහාරය යන්නයි.මෙම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ ඇඹුල්ගම නමැති සුන්දර ග්‍රාමයේය.මෙයට පිවිසෙන මාර්ගය සඳහන් කරනවා නම්, ඔබ කොළඹ නගරයේ සිට පැමිණෙනවානම් ඔබ හයිලෙවල් මාර්ගයේ හෝමාගම නගරය පසු කර විත් ගොඩගම මංසංධියෙන් වමට හැරී 190 බස් මාර්ගයේ පනාගොඩ හන්දියට පැමිණ 293 බස්මාර්ගයට පිවිසීමෙන් ඇඹුල්ගම දක්වා ගමන් කළ හැක.එසේත් නැත්නම් ඔබ ලෝලෙවල් මාර්ගයේ පැමිණෙනවා නම් කඩුවෙල ඉන්පසුව නවගමුව පසු කරගෙන අවිස්සාවේල්ල දෙසට ගමන් කරන විට ඔබට ඇඹුල්ගම මංසංධිය දක්නට ලැබේවි.එම මංසංධියෙන් හැරී මීටර් පන්සියයක් පමණ ගමන් කරන විට මෙම විහාරස්ථානය හමුවෙයි.

වලගම්බා රජසමයේ ඉදිකර ඇති මෙම විහාරස්ථානය විවිධ රජවරුන්ගේ පාලන සමයන්හිදී විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත.මෑතදී නැවත මෙම විහාරස්ථානයේ හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ නැවත දියුණුවක් ඇතිවී ඇත. දැනට ලංකාවේ ඉදිවී ඇති උසම හිටිපිළිම වහන්සේ දක්නට ලැබෙන්නේ මෙම විහාරස්ථානයේය.කඳු ගැටයක් මත පිහිටා ඇති නිසා අවට පරිසරය අලංකාරව මෙම විහාරස්ථානයේ සිට බැලූ විට දර්ශනය වේ.කඳු මුදුණට යත්ම භාවනා යෝගීන්ගේ කුටිද ඉපැරණි ගල්ගුහාද දක්නට ලැබේ.

මෙතැන් සිට ඡායාරූප මඟින් විහාරස්ථානයේ විවිධ ස්ථාන ඔබට දැකගත හැක.

මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ විහාරස්ථානයට ඇති පිවිසුමයි.










ඉන්පසු දැක්වෙන මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ මෙම විහාරස්ථානයේ මීට වසර කිහිපයකට පෙර ඉදිවුන එවකට ලංකාවේ උසම හිටි පිළිම වහන්සේයි























ඉන්පසු දැක්වෙන මෙම ඡායාරූප ව්ලින් එම හිටිපිළිම වහන්සේට මඳක් නුදුරෙන් ඉදි කිරීම අතර මඟ නවතා දමා ඇති හිඳි පිළිම වහන්සේ සහ සැතපෙන පිළිම වහන්සේද ,අනෙක් ඡායාරූපයෙන් බෝසත් ප්‍රතිමාවද දක්නට ලැබේ.














ඉන්පසුව දක්නට ලැබෙන මෙම ඡායාරූපයෙන් දක්නට ලබෙන්නේ හිටිපිළිමවහන්සේ අභියස ඉදි කර ඇති ස්මාරක පුවරුවයි.





මෙම ඡායාරූපයෙන් හිටිපිළිම වහන්සේ අභියස ඉඳි කර ඇති ජල මල් දැක්වේ.





තවත් ඡායාරූප සමඟින් නැවත හමුවෙමු.

කැන්ඩි....

3 comments:

FOX Creationz said...

නියමයි යාලූ!! මටනම් දුර වැඩී, ඒත් කවද හරි යන්න පුලුවන් වෙවි..

Praසන්ன said...

පිංතූර ටික ලස්සනයි.

චතුර.... said...

@ (ෆොක්ස් Creationz)

කවදා හරි යන්න බලන්න ..

මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

@ Praසන්ன

ස්තූතියි..

වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Post a Comment