Friday, August 27, 2010

ඉතිරි වුන එකොලොස්වැන්නත් සමඟින්....

ප්‍රංශ බැදුම් -02


ප්‍රංශ බැදුම්-01 කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න.

සැඟවුන කතාව...

ඔන්න ඉතින් ප්‍රංශ බැදුම් එක නවත්වපු තැනින් මම නැවතත් පටන් ගන්න හිතුවා.


ඔහොම විනාඩි දෙකක් විතර නටන වතුරෙ දාලා තිබුණ අල ටික එකෙන් අරන් පොඩ්ඩක් තෙත ගතිය අඩු වෙනකන් පොඩි දැල්වලින් තැනූ පෙරණයක තබනවා.ඉන්පසුව නැවත මෙම අල රත් වූ එළවළු තෙල් වල විනාඩි දෙකක් පමණ පිස ගන්නවා.ඉන්පසු මෙම අල නවතත් තෙල් බේරෙන තෙක් පෙර කී පරිදිම දැල් පෙරහනක තබා තෙල් ඉවත් වූ පසු (තෙල් ඉවත් වීමට තබන්නේ විනාඩි හතරක පහක පමණ කාලයකි )විශේෂයෙන් සකස් කරන ලද අධි ශීතකරණයක විනාඩි විස්සක පමණ කාලයක් තබා ගැනේ.මෙම අධි ශීතකරණය තුළ උශ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හතලිහක පමණ වේ.විනාඩි විස්සක් තුල ඉතාමත් අඩු උෂ්ණත්වයකට මෙම අල පත් කිරීම මෙහි අරමුණයි.

ඉන් පසුව මෙම විනාඩි විස්ස ඉවර වූ සැනින් මෙම අල එම අධිශීතකරණයෙන් ඉවතට ගෙන ඇසුරුම් කර නැවත සාමාන්‍ය අලෙවිසැල් වල භාවිතා වන අධිශීතකරනයක ගබඩා කිරීම සිදු කරයි.

























ඉන්පසු මෙම අර්තාපල් කූරු එහෙමත් නැත්නම් කැන්ඩිගේ භාෂාවෙන් නම් ප්‍රංශ බැදුම් වෙළඳපල කරා බෙදා හැරීම සිදුකරයී. ඒ සඳහා විශේෂයෙන් සකසන ලද ශීතකරණ පහසුකම් සහිත රථ වාහන මෙයට යොදා ගනියි.

මෙම අර්තාපල් කූරු ඉන්පසු පරිභෝජනය සඳහා සකසා ගැනීමට කළයුතු වන්නේ අධිශීතකරණයෙන් ගත් විගසම උණුතෙලෙන් රන්වන් පැහයවන තෙක් බැද ගැනීමයි.

මෙම කර්මාන්තයේදී අල කිසිම දෙයක් අපතේ යාමක් සිදුවන්නේ නැත.ඉතිරිවන සියළුම අල කොටස් පොත්තද ඇතුළුව සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගනියි.තවත් අත්‍යාවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ වර්ණය වෙනස් වීම වැලකීම සඳහාවත්,කල් තබා ගැනීම සඳහාවත් මෙම නිෂ්පාදනයේ කිසියම් ම හෝ නිෂ්පාදන අධියරයකදී මෙම නිෂ්පාදනයට කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවය .එම නිසා කිසිම ආකාරයකින් මෙම අල පරිභෝජනය ගැනීම සඳහා බිය විය යුතු නැත.

මෙම නිෂ්පාදනය දැනට වෙලඳ පොළේ දක්නට ලැබෙන්නේ සුපිරි අලෙවිසල් වල පමණකි.ඒ මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයවන විදේශීය නිෂ්පාදන මෙරට අලෙවි වීම වැලැක්වීම මූලික අරමුණ කරගෙනය.

මෙම විදේශීය නිෂ්පාදන සමහරක් නිපදවන්නේ ස්වභාවික අර්තාපල් පිටි බවට පත්කර එම අර්තාපල් පිෂ්ඨයට විවිධ රසකාරක රසායන ද්‍රව්‍ය එක් කිරීම මඟින්ය.එම නිසා මෙම නිෂ්පාදන පරිභෝජනයේදී අප විසින් සැලකිලිමත් විය යුතුය.

දැනට කීල්ස් ආයතනය එම ආයතනය විසින් කටයුතු කරගෙනයන ආකාරයේ දේශීය වෙළඳපල දියුණු කිරීම මුල්කරගෙන දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ක්‍රියා පටිපාටිය යටතේ මෙම නිෂ්පාදන මිලදී ගනු ලබයි.තවද අනෙකුත් සුපිරි වෙළඳ සැල්ද මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කරයි.

ඔන්න ඉතින් දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති මම කොහොමද මේ ඔක්කොම දෙවල් දන්නේ කියලා.මේ ආයතනය මගේ සහෝදරයාගේ ව්‍යාපාරයක් ඔන්න ඉතින් ඒක නිසයි මම මේක ගැන වැඩි විස්තර හෙම දැන ගත්තේ.හිමිකරු දන්නවානම් මම මේවා බ්ලොගයක දැම්ම කියලා මම ඉතින් ගස් තමා.හික්ස්.(කවුරුවත් එහෙම අල කූරු හදන්න ගන්නවා හෙම නෙවෙයි ඔන්න )

මෙය හුදෙක්ම දැනුම සහ ඡායාරූප ඔබ සමඟ බෙදා ගැනීමට පළ කළ බවද,මෙය අයියා වෙනුවෙන් මල්ලී කඩේ යාමක් නොවන බවද,මුදල් ගෙවා හෝ නොගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවන බවද කරුණාවෙන් සලකන්න.

කැන්ඩි.......

7 comments:

හා පැටික්කි (MS) said...

ඒක හොඳා........

අයියව පැත්ත පලාතකටවත් ගන්නැතුව ඇති නේද අයියගේ අයියා........ :D :D
හිහ්.......

දැනුමට නියමයි.....

BLOG ගඩොල් said...

නියමයි.අපිටත් ගෙනත් දෙන්න වෙලාවක...:)

චතුර.... said...

@ හා පැටික්කි

ඒකනේ අයියා දන්නවා සතා මොකාද කියලා..

හික්zzzzzzz

වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

@ ගඩොල් පුරු පුරු

දෙන්නම් දෙන්නම්..

පූස්ලන්තෙ කට්ටියත් එක්ක එන්නකෝ

මේ පැත්තේ ආවට ස්තූතියි.

දිල් said...

හොද ලිපියක්...ස්තුතියි මල්ලි

චතුර.... said...

@ දිල් අක්කි

මේ පැත්තේ ආවට ස්තූතියි...

Teena said...

වාව්... මගේ ෆේවරිට් කෑමක්. හදන හැටිත් දැන ගත්ත නිසා වැඩි වැඩියෙන් කන්න හිතයි.
අල කූරු නිපදවීමේ දේශීය වෙළඳපල දියුණු කිරීම අරමුණුකොට ගෙන මාද හෙට සිට වැඩිපුර අලකූරු කමී. :)
තොරතුරට ස්තූතියි!

චතුර.... said...

@ ෆා

අල කූරු කන්න හැකි තරම් කා දේශීය වෙළඳපළ සවිමත් කරන්න.

හික්zzzzzzzzzzzzzzzzzz

මේ පැත්තේ ආවට ස්තූතියි..

ඔන්න අලකූරු කෑවට හදනවා හෙම නෙවෙයි ඔන්න...

Post a Comment