Showing posts with label සතුන්... Show all posts
Showing posts with label සතුන්... Show all posts

Monday, August 2, 2010

සුපුරුදු ලෙස අටවැන්නත්...

කුරුළු පවුල.....











සැඟවුන කතාව...
මේ මුල්ම ඡායරූප දෙක මම ගත්තේ අවුරුද්දට අපි බාප්පලාගේ ගෙදර ගිය වෙලාවේ.ඉතින් හිතා ගන්නකෝ නෑගම් ගිය වෙලාව.අපේ බාප්පත් ටිකක් අමුත් ගතිගුණ තියෙන කෙනෙක් වුනත් අර හැම පුද්ගලයගෙම මොකක් හරි සුවිශේෂීත්වයක් තියෙනව කියල කියනවා වගේ එයත් හරිම කැමතියි ස්වභාව සෞන්දර්ය අත් විඳින්න.එයා දවල් දවසට ගෙදර ඉන්නවවනම් කරන්නේ වත්තේ ඇවිදින එක .ඒ වෙලාවට ඉතින් ඔන්න අනිත් අය නොදකින මොකක් හරි හොයා ගන්නවා. රෑටත් ඉතින් එයා කරන්නේ හතට අටට විතර විදුලි පන්දමකුත් අරගෙන වත්ත පහළ ඇවිදින එක.හැබැයි හොරු අල්ලන්න නම් නෙවෙයි.මොකද හොරු එන්නේ ඒ වෙලාවට නෙවෙයිනේ.ඉතින් එදාත් අපි ගිය වෙලාවේ බාප්පා ඇවිදිනවා.ඔන්න ඔය වෙලාවේ තමයි මේක දැකල තියෙන්නේ. මෙතන ඉන්නෙ කුරුළු පවුලක්. දෙපැත්තේ ඉන්නේ අම්මයි තාත්තයි.සත්ව ලෝකයේ වුනත් මව්පිය සෙනෙහස කොතරම් නොඅඩුව දරුවන්ට ලැබෙනවද කියලා පේනවා නේද?මම ළඟට ගිහින් මෙම ඡායාරූප ගන්නවවත් මේ අය දන්නේ නැහැ.ඒ තරම් තද නින්දක ඒ අය හිටියේ.හැබැයි ළඟට පෙනුනට මේ අත්ත තිබුනේ කිසිම සතෙකුට ළඟා වෙන්න අපහසු විදියට.



ඉද්ද කරල..








සැඟවුන කතාව...
මේ තියෙන්නේ අපි දකින සාමාන්‍ය ඉද්ද ගහේ කරලක්.මේකේ බීජ ඉඹුල් මල් වගේ සුළඟේ පාවෙලා යන්න අනුවර්තනය වෙලා තියෙන්නේ.මේකත් බීජ පරිනත වූ පසු ඒවායේ ව්‍යාප්තිය සිදුවීමට ස්ඵෝටනය වූ කරලක්..මේකට කියන්නේ ඉද්ද කියලදකිරි ඉද්ද කියලද නම් මම දන්නේ නැහැ.කවුරු හරි හරිම නම කියන්න ඔන්න මම පින්තූරෙකුත් දැම්මා..


වෙසක්..















සැඟවුන කතාව...
ඔන්න ඉතින් කැන්ඩිත් ගියා මෙදා පාරත් වෙසක් බලන්න.මේ ඡායාරූප ගත්තේ ඒ යන අතර මගදී තමයි.කැන්ඩි වෙසක් බලන්න ගියේ කැන්ඩිට ඉන්න හැට හුටහ මාරක අයියල කට්ටිය එක්ක තමයි.ඔන්න එක්කෙනෙක් නම් විදේශ ගත වෙලා නිසා ගමනට එකතුවුනේ නැහැ.එයත් හිටියනම් ඔක්කොම හිටියා කියලා කියන්න පුළුවන්.ඉතින් කියනවා නම් වෙසක් බැලිල්ල කොච්චරද කියලා කලින්දා රෑ අට නමයට ගිය කට්ටිය ගෙදර ආවේ පහුවදා උදේ හයට විතර.ඉතින් වෙසක් බැලිල්ල කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ නේද?
හැබැයි ඉතින් බලන්න ඔනේ කියන හැම එකම බැලුවා කොළඹ නගරය ඇතුලත ,කොළඹ නගරය අවට තියෙන සියලුම වෙසක් තොරණ පහන් කූඩු සියල්ල නැරඹුවා.කොහොමින් හරි කැළණිය තොරණත් බලලා තමයි අන්තිමට ගෙදර ආවේ.ඔය සියල්ලම කැන්ඩි ඡායරූප ගත කළත් කැන්ඩිගේ දුරකතනයේ දෝෂයක් නිසා ගත්ත ඡායාරූප වලින් හතරෙන් තුනක්ම මැකිලා ගියා.ඒ වුනාට ඉතින් ඉතිරි වෙච්චි ඒවා හරි කැන්ඩි ඔන්න පෙන්නන්න හිතුවා.ඔය පෙන්වලා තියෙන ඡායාරූපයේ දැක්වෙන තොරණ අතුරුගිරිය නගරයේ ප්‍රදර්ශනය කළ තොරණ.අනෙකුත් ඡායාරූප වල දැක්වෙන පහන් කූඩුව තමයි ප්‍රථම වරට බෙල්ලන්විල විහාර පරිශ්‍රයේ ප්‍රදර්ශනය කළ ගුණසේන කුරුකුලසූරිය මහතාගේ පහන් කූඩුව.වෙනත් වර්ෂ වලනම් මෙය ප්‍රදර්ශනය කළේ සීදූවේදීය.මෙය කවුරුත් දන්නේ සීදූවේ පහන් කූඩුව කියලා.මමත් හරිම ආශාවකින් මේක නරඹන්න ගියත් හැමෝම කිව්ව විධියේ ලස්සනක් මේකේ තිබුනද කියලත් මට හිතුනා...ඕක ඉතින් මගේ අදහස හොඳේ..කාටවත් අපහාසයක් එහෙම නෙවි.


කැන්ඩි...

Friday, June 11, 2010

නෙත සනහන තෙවැන්න..............

නෙත්කළු කලූ............








සැඟවුන කතාව......

මෙයාව හම්බ වුනේ මට දවසක් අපේ ගේට්ටුව ළඟදී.....
එදා මම ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුලට එද්දී අහම්බෙන් වගේ මෙයාව දැක්කේ.....
මෙයාට මොකක් හරි කරදරයක් වෙලා තිබුන මොකෙක් හරි සතෙකුගෙන්.
ඒ වුනාට මෙයාට බේරෙන්නත් වාසනාව තිබිල තියෙනවා...
මම දැක්කේ මෙයා බිම වැටිල ඉන්නවා.....
සාමාන්‍යයෙන් සමනළ්ලු සලබයෝ වගේ අය එක දිගටම බිම ඉන්නේ නැහැනේ......
මම මෙයා බිම එකදිගටම ඉන්න නිසා තමාබැලුවේ මෙයා වංශයට පිටින් වැඩ කරන චන්ඩියෙක්ද කියල....
මොකද අපේ වත්ත ඇතුලෙ මට වඩා චන්ඩියෙක් ඉන්න විදිහක් නැති හින්දා...
එතකොට තමයි දැක්කේ මෙයාගේ එක තටුවකට පොඩ්ඩක් හානිවෙලා තියෙන බව....
ඒ වුනාට මෙයාට පියාඹල යන්න පුළුවන් බව මට පෙනුනා...
මම ඉතින් මෙයාගේ පින්තූර ටිකක් එහෙම අරගෙන මෙයාව මල් තියෙන ගහක් උඩින් තිබ්බා......
මම ගේ ඇතුලට ගිහින් කාලා නාල එහෙම ඉවරවෙලා ඇවිත් බලනකොට නම් මෙයා පේන්න හිටියේ නැහැ..
මෙයා පියාඹලා යන්න ඇති..
මොකද කලිනුත් මෙයා හිටියෙ බයවෙලා වගේ මිසක් පියාඹා ගන්න බැරිකමකට නෙවෙයි.
මේ පළමුවෙනි පින්තූරෙ මෙයා මුලින්ම හිටිය තැන....
මෙයාගේ තටුවට වෙලා තියෙන හානිය පේනවනේ නේද......?
මේ දෙවෙනි පින්තූරෙ අර අනිත් පැත්තෙ වැටිලා තියෙන වියලුන කොළයත් එක්ක අමුතුම ලස්සනක් පේනවා නේද?
ඒකෙ පාටවල් ටික ලස්සනට ගැලපෙනවා කියල මට හිතුනා....
ඔයගොල්ලොත් බලල ඔය ගොල්ලන්ටත් හිතෙන දේ මට එකකින් කියල යන්නකෝ....




කලූගේ කැදැල්ල................











සැඟවුන කතාව......

මෙයාව මට හම්බවුනේ අපේ ගෙදර එලියෙ බිත්තියක
ඉඳල....
මෙයා නිතරම දකින්න හම්බවෙන ජාතියේ සලබයෙක් වුනත් මෙයා කරන වැඩේ නම් නිතරම දකින්න ලැබෙන්නේ නැහැ...
මෙයා එයාගේ පරම්පරාව ව්‍යාප්ත කරන්න හදන විදිය පේනවනේ.....
මටමතක විදියට මෙයා පැය තුනක් විතර මේ බිත්තියේ මේ වැඩය කළා...
මේ පින්තූර ගන්න වෙලාවෙත් මෙයා එයාගේ වැඩය කරමිනුයි හිටියේ..
මට මෙයාව දැක්කම ඉස්සර මම කරපු පුන්‍යකර්ම රාශියක්ම මතක් වුනා...
ඉස්සරනම් මම මේවගේ දෙයක් දැක්කම කරන්නේ දූවලා ගිහින් සලබයව පන්නල දාල ඔය බිත්තර වගේ ඒව ඇතුලෙ
තියෙන්නේ මොනවද බලන්න බිඳල බලන එක..
එහෙමත් නැත්නම් අර සලබයත් ඉන්දී එයාටත් මොකක් හරි කරලා ඔයවැඩේ කරනවා.......
හූනන්ගේ බිත්තර වලටත් වුනේ ඔය සන්තෑසියම තමා...
ඒක හින්දා අපේ අක්කා හූනු බිත්තරයක් හම්බ වුන හැටියෙම කරන්නේ ඒක ටින් එකකට දමල
දවස ගානේ පැටිය එලියට එනකන් බලන් ඉන්න එක....
ටින් එකනම් තියන්නේ මට ගන්න පුලුවන් තැනක නෙවෙයි.
ඔය බිත්තර පුපුරවන වැඩේ අම්මට අහුවෙලා ගුටි කාලත් තියෙනවා...
ඉස්සර කරපු ඔය වගේ පුන්‍යකර්ම මතක් වෙනකොට මට යන්න වෙනම ලෝකයක් හදන්න වෙයි කියලත් හිතෙනවා.....
මොනව කරන්නද නොදැනුවත් කමට පුංචි කාලේ කරපු දේවල්නේ නේද.....???
දැන් පින්කරන හින්දා හිතමු ඕවා අහෝසිකර්ම වෙයි කියලා....
හික්ස්...............................
ආ යන්නේ කොහෙද මල්ලේ පොල් නේද..?
පින්තූර බලලා හොඳද කියල කියන්නකෝ....





දඟකාර අළු.....











සැඟවුන කතාව......

මෙයාව හම්බ වුනෙත් අපේ ගෙදර මිඳුලේ ඉඳලා තමා...
මෙයාගේ හැඩහුරු කම නම් නිකන් අර සිරීපාදේ යන කාලෙට යන ඉන්න සමනළයෙක්ගෙ වගෙයි...
ඒ වුනාට මෙයානම් කහපාට නෙවෙයි අලුපාටයි....
මෙයානම් ටිකක් දඟයෙක්... එකතැනක ඉන්නම බෑ...
මෙයාගේ පින්තූරයක් ගන්න මම විඳපු වදයක් දන්නේ මම විතරයි.
කොහොම වුනත් මම මගේ වැඩය කර ගත්තනේ නේද...?
බලලා ලස්සනද කියල කියල යන්නකෝ..........

කැන්ඩි.......

Tuesday, June 1, 2010

නෙතක් සොයා ගිය නොනිමි චාරිකාවේ ආරම්භය.............

මුල්ම මල......................



සැඟවුන කතාව................


මෙම පින්තූරයේ ඇති මල අපේ ගෙදර පොකුණෙ පිපුන මලක්...
අපේ අම්මා මේ පැළය ගෙනාවෙ ලොකු අම්මාගේ ගෙදර තිබුණ පොකුණෙන්..
ගෙනාපු පොකුණෙ නම් තිබුනෙ නිල්මානෙල්.....
හැබැයි ඒකෙ සුදු ගහකුත් තිබිල තියෙනව ලොකුඅම්මට වැරදිලා දීල තියෙන්නෙ සුදුපාට පැළයක්......
මල පිපුන දවසෙ නම් අපේ අම්මගෙ ඉහේ මලක් පිපුන වගේ තමා...........
ඇයි පාට සුදුනෙ...
මේ මල උදේ 7ට විතර පිපිලා 10 විතර වෙනකොට ඇකිලෙනවා....
මේ පොකුණ තියෙන්නෙ මගේ කාමරය අයිනේ, මේක වාසභවන කරගත්ත කට්ටිය රැට
ගීත නාද පවත්වද්දී ඉතින් මට තමා නින්ද යන්නෙ නැත්තෙ.....




පැත්තෙන් බැලුවහම................


අරත්ත මල...........



සැඟවුන කතාව................

මේ මල නම් කලාතුරකින් දකින්න හම්බවෙන මලක්.
මේ අරත්ත ශාකයේ මල්....
අපේ අම්මා ගෙදරට ගේන හැමදේකින්ම පැළයක් හදා ගන්නවා....
මේකත් එහෙම හිටවපු එකක්...............
අරත්ත ශාකය ආයුවේද ඖෂධයක් ලෙස යොද ගන්නවා.
වැඩිපුරම ඖෂධ ලෙස යොද ගන්නේ භුගත කඳයි.............

අඳු..........


සැඟවුන කතාව................

නයාට අඳුකොළ වගේ... කියල අහල ඇතිනෙ නේද.....?
මේ තියෙන්නෙ අඳුගහේ පුෂ්පමංජරිය........
පුංචි වුනාට හරිම ලස්සනයි නේද?



කමුද දං.............


සැඟවුන කතාව................

ලොකු පොඩි කවුරුත් කන්න ආස කරන පළතුරක් මේක........
ඉස්සර ළමයි නම් හරිම ආසාවෙන් මේවා රස බැලුවට අද පොඩි ඈයින්ටනම් මේවගේ රස බලන්න වෙලාවක් නැහැනේ නේද?
මේ ගහ මම ඉතුරු කරගෙන තියාගෙන ඉන්නෙ මටත් රස බලන්න............
තවම කොළම කොළ පාටට හිටියට මෙයාගෙ ලස්සන ඉදෙන කොට..........
හැබැයි මම පරිස්සම් කරගෙන හිටියට මම ගෙදර නැති දවසට අපේ වත්ත එලි පෙහෙළි කරන්න එන අයගෙන් නම් මෙයාට වැඩිපුරම වෙන්නෙ හානි.....
දංගෙඩියක් කාල කට පාට කරගෙන බලන්නකෝ........................


මව් සෙනෙහස.............


සැඟවුන කතාව................

මෙයාව නම් මට හම්බ වුනේ පැල්මඩුල්ලෙ අක්කලගෙ ගෙදර මිදුලෙදි.....
මෙයා මිටි ගහක එයාගෙ කූඩුව හදාගෙන බිත්තර දාල රකිමිනුයි හිටියෙ.........
මෙයා බයගන්වන්නෙ නැතුව අතු එහා මෙහා කරල මේක ගත්තෙ නම් ටිකක් අමාරුවෙන්.......
අපි ගිය දවස වෙනකොටත් මෙයා මේ වැඩේ පටන් අරන් දවස් දෙකක් වෙනව කියල අක්කගෙ අප්පි කිව්වා............................

කැන්ඩි.......