Thursday, December 30, 2010

ඇඹලව රත්ගල් වෙහෙර-01

අදත් කැන්ඩිගේ ඇසින් ඔබට දක්නට ලැබෙන්නේ ඔබට දැක බලා ගැනීමට යා යුතු විහාරස්ථානයක ඡායාරූපයි.මෙම විහරස්ථානයේ වර්ථමානයේ භාවිතා වන නම නම් වන්නේ ඇඹුල්ගම රජමහා විහාරය යන්නයි.මෙම විහාරස්ථානය පිහිටා තිබෙන්නේ ඇඹුල්ගම නමැති සුන්දර ග්‍රාමයේය.මෙයට පිවිසෙන මාර්ගය සඳහන් කරනවා නම්, ඔබ කොළඹ නගරයේ සිට පැමිණෙනවානම් ඔබ හයිලෙවල් මාර්ගයේ හෝමාගම නගරය පසු කර විත් ගොඩගම මංසංධියෙන් වමට හැරී 190 බස් මාර්ගයේ පනාගොඩ හන්දියට පැමිණ 293 බස්මාර්ගයට පිවිසීමෙන් ඇඹුල්ගම දක්වා ගමන් කළ හැක.එසේත් නැත්නම් ඔබ ලෝලෙවල් මාර්ගයේ පැමිණෙනවා නම් කඩුවෙල ඉන්පසුව නවගමුව පසු කරගෙන අවිස්සාවේල්ල දෙසට ගමන් කරන විට ඔබට ඇඹුල්ගම මංසංධිය දක්නට ලැබේවි.එම මංසංධියෙන් හැරී මීටර් පන්සියයක් පමණ ගමන් කරන විට මෙම විහාරස්ථානය හමුවෙයි.

වලගම්බා රජසමයේ ඉදිකර ඇති මෙම විහාරස්ථානය විවිධ රජවරුන්ගේ පාලන සමයන්හිදී විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත.මෑතදී නැවත මෙම විහාරස්ථානයේ හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ නැවත දියුණුවක් ඇතිවී ඇත. දැනට ලංකාවේ ඉදිවී ඇති උසම හිටිපිළිම වහන්සේ දක්නට ලැබෙන්නේ මෙම විහාරස්ථානයේය.කඳු ගැටයක් මත පිහිටා ඇති නිසා අවට පරිසරය අලංකාරව මෙම විහාරස්ථානයේ සිට බැලූ විට දර්ශනය වේ.කඳු මුදුණට යත්ම භාවනා යෝගීන්ගේ කුටිද ඉපැරණි ගල්ගුහාද දක්නට ලැබේ.

මෙතැන් සිට ඡායාරූප මඟින් විහාරස්ථානයේ විවිධ ස්ථාන ඔබට දැකගත හැක.

මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ විහාරස්ථානයට ඇති පිවිසුමයි.










ඉන්පසු දැක්වෙන මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ මෙම විහාරස්ථානයේ මීට වසර කිහිපයකට පෙර ඉදිවුන එවකට ලංකාවේ උසම හිටි පිළිම වහන්සේයි























ඉන්පසු දැක්වෙන මෙම ඡායාරූප ව්ලින් එම හිටිපිළිම වහන්සේට මඳක් නුදුරෙන් ඉදි කිරීම අතර මඟ නවතා දමා ඇති හිඳි පිළිම වහන්සේ සහ සැතපෙන පිළිම වහන්සේද ,අනෙක් ඡායාරූපයෙන් බෝසත් ප්‍රතිමාවද දක්නට ලැබේ.














ඉන්පසුව දක්නට ලැබෙන මෙම ඡායාරූපයෙන් දක්නට ලබෙන්නේ හිටිපිළිමවහන්සේ අභියස ඉදි කර ඇති ස්මාරක පුවරුවයි.





මෙම ඡායාරූපයෙන් හිටිපිළිම වහන්සේ අභියස ඉඳි කර ඇති ජල මල් දැක්වේ.





තවත් ඡායාරූප සමඟින් නැවත හමුවෙමු.

කැන්ඩි....

Tuesday, December 28, 2010

රත් ගඟ සහ රත් ගඟ විහාරය-06

රත් ගඟ සහ රත් ගඟ විහාරය-05

රත් ගඟ විහාරයේ ඇති වැදගත් ස්ථානයන් සියල්ලම පාහේ ඔබ දැන් දැක ඇතුවාට සැක නැත.
මෙම මුල් ඡායාරූප වලින් දැක්වෙන්නේ අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතාවන් පිරූ අන්දම දැක්වෙන විවිධ ජාතක කතාවන් නිරූපණය වන දෙමහල් මහා සෑයේ පහත මාලයේ ඉදිකර ඇති ප්‍රතිමාවන්ය.



















ඉන්පසු දැක්වෙන මෙම ඡායාරූප කිහිපයෙන් මනුෂ්‍ය ජීවිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය වන සේ දෙමහල් සෑයේ පහතමාලයේ නිමවා ඇති ප්‍රතිමාවන් දැක්වේ.









ඉන්පසුව දැක්වෙන මෙම ඡායාරූපයෙන් දෙමහල් සෑයේ පහත මාලයේ පියස නිමවා ඇති අයුරු දැක්වේ.



මෙම ඡායාරූපයෙන් දෙමහල් සෑයේ පාමුල නිමවා ඇති සඳකඩපහන දැක්වේ.



මෙම ඡායාරූපයෙන් පියගැටපෙළ පාමුල හිඳ නරඹන විට දෙමහල් සෑය දිස්වන ආකාරය දැක්වෙයි.



ඉන්පසුව මෙම ඡායාරූප වලින්දක්නට ලැබෙන්නේ රත්ගඟ විහාර භූමියේ තැන්පත් කර ඇති කිරිගරුඬ බුද්ධප්‍රතිමා වහන්සේය.මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ටොන් එකහමාරක බරකින්ද අඩි හයක පමණ උසකින්ද වන බව සඳහන් වේ.මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ සබරගමු පළාතේ තැන්පත් කර ඇති විශාලතම කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙස හැඳින්වේ.







ඉන්පසුව දක්නට ලැබෙන මේ ඡායාරූප දෙකෙන් ඔබට දක්නට ලැබෙන්නේ රත්ගඟ විහාර භූමියේ ඉදිකර ඇති කුසිනාරා නුවර පිහිටා ඇති පිරිනිවන් මංචකයේ අනුරුවයි.





ඉන්පසු දක්නට ලැබෙන මෙම ඡායාරූපයෙන් දක්නට ලැබෙන්නේ විහාර භූමියේ ඇති ධර්මශාලාවේ තැන්පත් කර තිබෙන සධාතුක ධාතු කරඬුවයි.



දඹදිව බොහෝ සිද්ධස්ථානවල අනුරූ මෙම රත්ගඟ විහාර පරිශ්‍රයේ ඉදි වී ඇති නිසා මෙම රත් ගඟ විහාරය පුංචි දඹදිව ලෙස හඳුන්වනු ලබයි.විවේකී වේලාවක ගොස් නැරඹීමට කදිම ස්ථානයකි. සමහර පුද්ගලයන් මෙම ස්ථනය පිළිබඳ විවිධ විවේචන ඉදිරිපත් කළත් බුදුන් වහන්සේ වැඩසිටි ස්ථාන වැඳ පුදා ගැනීමට ඉන්දියාවට යාමට වත්කමක් නොමැති බෞද්ධයන් හට එම ස්ථාන වල අනුරූ හෝ දැක බලා ගැනීමට ඉදිකර ඇති මෙම ස්ථානය අපූරු පුද බිමකි.

මෙම ඡායාරූප වලට අමතරව තවත් රත්ගඟ විහාරස්ථානයේ පෙන්විය යුතු ස්ථාන සහිත ඡායාරූප හමුවුවහොත් ඔබ වෙතට ගෙන එමි.දැනට රත්ගඟ සහ රත්ගඟ විහාරය ඡායාරූප සහිත මෙම ලිපි මාලාවෙන් සමු ගනිමි.

නැවතත් තවත් ඡායාරූප සමඟින් කැන්ඩිගේ ඇසින් හමුවෙමු.

කැන්ඩි....

Monday, December 27, 2010

රත් ගඟ සහ රත් ගඟ විහාරය-05

රත් ගඟ සහ රත් ගඟ විහාරය-04

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ දෙමහල් මහා සෑයේ උඩුමහලේ ඇති ස්ථූපයයි.



මේ දැක්වෙන්නේ විහාර පරිශ්‍රයේ ඉදිකර ඇති බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කරන ආකාරය නිරූපණය වන ප්‍රතිමා වහන්සේලායි.






මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ දෙමහල් සෑය අභියස හිඳ පහත පියගැටපෙළ දිස්වන ආකාරයයි.



මෙම ඡායාරූපයෙන් දක්වෙන්නේ දෙමහල් සෑයේ ගර්භයේ උඩුමහලේ පියසේ නිර්මාණය කර ඇති චිත්‍ර නිර්මාණයි.මේවායෙන් දෙවියන් බුදුන් වහන්සේ වන්දනා කිරීම නිරූපණය වේ.






මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ රත් ගඟ විහාර භූමියේ ඉදිවෙමින් පවතින ධර්මාශෝක රජතුමා විසින් බුදුරදුන් බුදුවීමට පිටදුන් ජය ශ්‍රීමහා බෝධිය අසල ඉදි කර ඇති බුද්ධගයා විහාරයේ අනුරුවයි.



ඉන්පසුව ඔබට දක්නට ලැබෙන මේ ඡායාරූප පෙළින් නිරූපණය වන්නේ දෙමහල් සැයේ ගර්භයේ පහතමාලයේ ඉදිකර ඇති මනුෂ්‍ය ජීවිතයේ විවිධ ආවධි නිරූපණය වන ප්‍රතිමාවන්ය.
























රත් ගඟ සහ රත් ගඟ අවසාන කොටසින් තවත් ඡායාරූප සමඟින් හමුවෙමු.

කැන්ඩි....