Tuesday, December 28, 2010

රත් ගඟ සහ රත් ගඟ විහාරය-06

රත් ගඟ සහ රත් ගඟ විහාරය-05

රත් ගඟ විහාරයේ ඇති වැදගත් ස්ථානයන් සියල්ලම පාහේ ඔබ දැන් දැක ඇතුවාට සැක නැත.
මෙම මුල් ඡායාරූප වලින් දැක්වෙන්නේ අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතාවන් පිරූ අන්දම දැක්වෙන විවිධ ජාතක කතාවන් නිරූපණය වන දෙමහල් මහා සෑයේ පහත මාලයේ ඉදිකර ඇති ප්‍රතිමාවන්ය.



















ඉන්පසු දැක්වෙන මෙම ඡායාරූප කිහිපයෙන් මනුෂ්‍ය ජීවිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය වන සේ දෙමහල් සෑයේ පහතමාලයේ නිමවා ඇති ප්‍රතිමාවන් දැක්වේ.









ඉන්පසුව දැක්වෙන මෙම ඡායාරූපයෙන් දෙමහල් සෑයේ පහත මාලයේ පියස නිමවා ඇති අයුරු දැක්වේ.



මෙම ඡායාරූපයෙන් දෙමහල් සෑයේ පාමුල නිමවා ඇති සඳකඩපහන දැක්වේ.



මෙම ඡායාරූපයෙන් පියගැටපෙළ පාමුල හිඳ නරඹන විට දෙමහල් සෑය දිස්වන ආකාරය දැක්වෙයි.



ඉන්පසුව මෙම ඡායාරූප වලින්දක්නට ලැබෙන්නේ රත්ගඟ විහාර භූමියේ තැන්පත් කර ඇති කිරිගරුඬ බුද්ධප්‍රතිමා වහන්සේය.මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ටොන් එකහමාරක බරකින්ද අඩි හයක පමණ උසකින්ද වන බව සඳහන් වේ.මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ සබරගමු පළාතේ තැන්පත් කර ඇති විශාලතම කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෙස හැඳින්වේ.







ඉන්පසුව දක්නට ලැබෙන මේ ඡායාරූප දෙකෙන් ඔබට දක්නට ලැබෙන්නේ රත්ගඟ විහාර භූමියේ ඉදිකර ඇති කුසිනාරා නුවර පිහිටා ඇති පිරිනිවන් මංචකයේ අනුරුවයි.





ඉන්පසු දක්නට ලැබෙන මෙම ඡායාරූපයෙන් දක්නට ලැබෙන්නේ විහාර භූමියේ ඇති ධර්මශාලාවේ තැන්පත් කර තිබෙන සධාතුක ධාතු කරඬුවයි.



දඹදිව බොහෝ සිද්ධස්ථානවල අනුරූ මෙම රත්ගඟ විහාර පරිශ්‍රයේ ඉදි වී ඇති නිසා මෙම රත් ගඟ විහාරය පුංචි දඹදිව ලෙස හඳුන්වනු ලබයි.විවේකී වේලාවක ගොස් නැරඹීමට කදිම ස්ථානයකි. සමහර පුද්ගලයන් මෙම ස්ථනය පිළිබඳ විවිධ විවේචන ඉදිරිපත් කළත් බුදුන් වහන්සේ වැඩසිටි ස්ථාන වැඳ පුදා ගැනීමට ඉන්දියාවට යාමට වත්කමක් නොමැති බෞද්ධයන් හට එම ස්ථාන වල අනුරූ හෝ දැක බලා ගැනීමට ඉදිකර ඇති මෙම ස්ථානය අපූරු පුද බිමකි.

මෙම ඡායාරූප වලට අමතරව තවත් රත්ගඟ විහාරස්ථානයේ පෙන්විය යුතු ස්ථාන සහිත ඡායාරූප හමුවුවහොත් ඔබ වෙතට ගෙන එමි.දැනට රත්ගඟ සහ රත්ගඟ විහාරය ඡායාරූප සහිත මෙම ලිපි මාලාවෙන් සමු ගනිමි.

නැවතත් තවත් ඡායාරූප සමඟින් කැන්ඩිගේ ඇසින් හමුවෙමු.

කැන්ඩි....

0 comments:

Post a Comment