Showing posts with label තාක්ෂණික... Show all posts
Showing posts with label තාක්ෂණික... Show all posts

Friday, August 27, 2010

ඉතිරි වුන එකොලොස්වැන්නත් සමඟින්....

ප්‍රංශ බැදුම් -02


ප්‍රංශ බැදුම්-01 කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න.

සැඟවුන කතාව...

ඔන්න ඉතින් ප්‍රංශ බැදුම් එක නවත්වපු තැනින් මම නැවතත් පටන් ගන්න හිතුවා.


ඔහොම විනාඩි දෙකක් විතර නටන වතුරෙ දාලා තිබුණ අල ටික එකෙන් අරන් පොඩ්ඩක් තෙත ගතිය අඩු වෙනකන් පොඩි දැල්වලින් තැනූ පෙරණයක තබනවා.ඉන්පසුව නැවත මෙම අල රත් වූ එළවළු තෙල් වල විනාඩි දෙකක් පමණ පිස ගන්නවා.ඉන්පසු මෙම අල නවතත් තෙල් බේරෙන තෙක් පෙර කී පරිදිම දැල් පෙරහනක තබා තෙල් ඉවත් වූ පසු (තෙල් ඉවත් වීමට තබන්නේ විනාඩි හතරක පහක පමණ කාලයකි )විශේෂයෙන් සකස් කරන ලද අධි ශීතකරණයක විනාඩි විස්සක පමණ කාලයක් තබා ගැනේ.මෙම අධි ශීතකරණය තුළ උශ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හතලිහක පමණ වේ.විනාඩි විස්සක් තුල ඉතාමත් අඩු උෂ්ණත්වයකට මෙම අල පත් කිරීම මෙහි අරමුණයි.

ඉන් පසුව මෙම විනාඩි විස්ස ඉවර වූ සැනින් මෙම අල එම අධිශීතකරණයෙන් ඉවතට ගෙන ඇසුරුම් කර නැවත සාමාන්‍ය අලෙවිසැල් වල භාවිතා වන අධිශීතකරනයක ගබඩා කිරීම සිදු කරයි.

























ඉන්පසු මෙම අර්තාපල් කූරු එහෙමත් නැත්නම් කැන්ඩිගේ භාෂාවෙන් නම් ප්‍රංශ බැදුම් වෙළඳපල කරා බෙදා හැරීම සිදුකරයී. ඒ සඳහා විශේෂයෙන් සකසන ලද ශීතකරණ පහසුකම් සහිත රථ වාහන මෙයට යොදා ගනියි.

මෙම අර්තාපල් කූරු ඉන්පසු පරිභෝජනය සඳහා සකසා ගැනීමට කළයුතු වන්නේ අධිශීතකරණයෙන් ගත් විගසම උණුතෙලෙන් රන්වන් පැහයවන තෙක් බැද ගැනීමයි.

මෙම කර්මාන්තයේදී අල කිසිම දෙයක් අපතේ යාමක් සිදුවන්නේ නැත.ඉතිරිවන සියළුම අල කොටස් පොත්තද ඇතුළුව සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගනියි.තවත් අත්‍යාවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ වර්ණය වෙනස් වීම වැලකීම සඳහාවත්,කල් තබා ගැනීම සඳහාවත් මෙම නිෂ්පාදනයේ කිසියම් ම හෝ නිෂ්පාදන අධියරයකදී මෙම නිෂ්පාදනයට කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවය .එම නිසා කිසිම ආකාරයකින් මෙම අල පරිභෝජනය ගැනීම සඳහා බිය විය යුතු නැත.

මෙම නිෂ්පාදනය දැනට වෙලඳ පොළේ දක්නට ලැබෙන්නේ සුපිරි අලෙවිසල් වල පමණකි.ඒ මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයවන විදේශීය නිෂ්පාදන මෙරට අලෙවි වීම වැලැක්වීම මූලික අරමුණ කරගෙනය.

මෙම විදේශීය නිෂ්පාදන සමහරක් නිපදවන්නේ ස්වභාවික අර්තාපල් පිටි බවට පත්කර එම අර්තාපල් පිෂ්ඨයට විවිධ රසකාරක රසායන ද්‍රව්‍ය එක් කිරීම මඟින්ය.එම නිසා මෙම නිෂ්පාදන පරිභෝජනයේදී අප විසින් සැලකිලිමත් විය යුතුය.

දැනට කීල්ස් ආයතනය එම ආයතනය විසින් කටයුතු කරගෙනයන ආකාරයේ දේශීය වෙළඳපල දියුණු කිරීම මුල්කරගෙන දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ක්‍රියා පටිපාටිය යටතේ මෙම නිෂ්පාදන මිලදී ගනු ලබයි.තවද අනෙකුත් සුපිරි වෙළඳ සැල්ද මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කරයි.

ඔන්න ඉතින් දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති මම කොහොමද මේ ඔක්කොම දෙවල් දන්නේ කියලා.මේ ආයතනය මගේ සහෝදරයාගේ ව්‍යාපාරයක් ඔන්න ඉතින් ඒක නිසයි මම මේක ගැන වැඩි විස්තර හෙම දැන ගත්තේ.හිමිකරු දන්නවානම් මම මේවා බ්ලොගයක දැම්ම කියලා මම ඉතින් ගස් තමා.හික්ස්.(කවුරුවත් එහෙම අල කූරු හදන්න ගන්නවා හෙම නෙවෙයි ඔන්න )

මෙය හුදෙක්ම දැනුම සහ ඡායාරූප ඔබ සමඟ බෙදා ගැනීමට පළ කළ බවද,මෙය අයියා වෙනුවෙන් මල්ලී කඩේ යාමක් නොවන බවද,මුදල් ගෙවා හෝ නොගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවන බවද කරුණාවෙන් සලකන්න.

කැන්ඩි.......

Sunday, July 25, 2010

නවතම හත්වැන්න......

කැන්ඩිගේ තෙවැනි ඇස අළුත් වෙයි....



කාලයක පටන් කරපු කන්නලව්වක ප්‍රතිඵලයක් විදියට කැන්ඩිට අලුත් කැමරාවක් අරන් දෙන්න කැන්ඩිගේ අම්මා කැන්ඩිට පොරොන්දු වුණා .ඔන්න ඉතින් ඉල්ලීම ඉෂ්ඨ කරන්න මෙදාපාර අයියා එනකොට කැමරාවක් අරන් එන්න පොරොන්දු වුණා.කැන්ඩිට Laptop එකක් ගේන්න අයියා සම්මාදම් වුන නිසා මේ පාර බර පැන දැරුවේ අම්මා තමයි.ඒත් අන්තිම මොහොතට කැන්ඩි කරගත්තු මෝඩ වැඩක් නිසා මේ තෑග්ග නොදී ඉන්නත් කැන්ඩිගේ අම්මා හැදුවා.පස්සේ ඉතින් බලවත් ඉල්ලීම පිට ආයෙත් මෝඩ වැඩ නොකරන පොරොන්දුව පිට පොඩි පහේ තරවටුවකුත් එක්ක මේක දුන්නා.
කැන්ඩිගේ මෝඩ වැඩක් කිව්වට මේක කැන්ඩිට වෙච්චි අකරතැබ්බයක්.කැන්ඩිගේ මතක අහුරෙන් නුදුරේදීම ඒක ඔයාලට දැන ගන්න ලැබෙයි.

මෙන්න අළුත් තෙවැනි ඇසෙන් පරණ තෙවැනි ඇස.

මේ තමයි මෙච්චර කල් ඔයාලට ලස්සන පින්තූර පෙන්නුව කැන්ඩිගේ පරණ තෙවැනි ඇස.
තව ඉදිරියටත් මේ ඇසේ පින්තූර ඔයගොල්ලන්ට පෙනෙයි ඒ මොකද කිව්වොත් කැන්ඩි ළඟ නිතරම ගැවසෙන්නේ පරණ තෙවැනි ඇසනේ..

















පරණ තෙවැනි ඇසෙන් ඇලුත් තෙවැනි ඇස.










ඉස්සර 3.2MP වෙච්චි කැන්ඩිගේ තෙවැනි ඇස දැන් 14.1MP ක්.
ඉතින් තව විස්තර මතුවට.

ආ මට කියන්න බැරි වුණා කැන්ඩිට තවත් තුන්වෙනි ඇසක් තිබුනා මීට කලින් ඒ Kodak KB12 එකක්.ඒ තුන් වෙනි ඇසත් ළඟදීම දවසක මම ඔයාලට පෙන්වන්නම්කෝ.කැන්ඩිගේ 14 වෙනි උපන්දිනයට උපන්දින තෑග්ගක් විදියට තමයි ඒක හම්බ වුනේ.Laptop එකත් එක්ක කැන්ඩිට අයියාගෙන් Scanner එකකුත් හම්බ වුන නිසා කැන්ඩිගේ මුල්ම තෙවැනි ඇසෙන් ගත්තු පින්තූර ටිකත් පස්සෙ හෙමිහිට පෙන්වන්නම්කෝ..

කැන්ඩිගේ තෙවැනි ඇස් ගැන ඔයාලගේ අදහසුත් කියන්නකෝ...

කැන්ඩි.......