Saturday, August 21, 2010

සුන්දර නමවැන්නත් සමඟින්.......




සුන්දර කැනාස්...


































ටික දවසකින් මේ පැත්තේ ආවේ නැති නිසා පොඩි ඉස්පාසුවක් හම්බවුන හැටියේම ඔන්න මම එන්න හිතුවා.
ගෙවත්ත හැඩ කරන සුන්දර කැනාස් ශාඛය ඔබත් දැක තිබෙනවාද?

අදත් මම ඔබට පෙන්වන්න යන්නේ අපේ ගෙවත්තෙන් ගත් ඡායාරූප කිහිපයක්.

සැඟවුන කතාව.....
කැනා එහෙමත් නැත්නම් අපි කියන විදියට කැනාස් ශාඛය අයත් වෙන්නේ Zingiberales ගෝත්‍රයටයි.
විශේෂය ගනය කියන වචන ඔබට හුරු පුරුදු නැත්නම් ඒ වචන වල තේරුම හා තක්සෝන පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දැන ගැනීම සඳහා මෙතන ඔබන්න.මගේ පස්වැනි Post එකෙන් සම්පූර්න විස්තරයක් ඔබට ඒ ගැන දැන ගත හැකියි.සජීවී ලෝකයේ කැනාස් ශාකයට සමීපතම සබඳතාවක් ඇති ශාඛ වන්නේ එම ශාකය අයත් වන ගෝත්‍රයේ අනෙකුත් කුලයන්ට අයත් වන ශාකයි.එම කුලයට අයත් අනෙකුත් ශාක කුලයන් වර්ග වන්නේ ඉඟුරු වර්ග,කෙසෙල් වර්ග,මරන්තාස් වර්ග,හෙලිකෝනියා වර්ග සහ ස්ටෙරිලිට්සියාස් වර්ගයන්ය.මෙම අවසානයට සඳහන් කළ ශාඛ වර්ග තුන වන මරන්තාස් ,හෙලිකෝනියා සහ ස්ටෙරිලිට්සියාස් වර්ගද නම දන්නේ නැති වුනාට ඔබ දැක ඇති බවට සැකයක් නොමැත.මරන්තාස් විසිතුරු පත්‍ර ඇති ශාඛ වර්ගයකි.මෙය විසිතුරු පත්‍රික ශාඛ වර්ගයක් වශයෙන් ලංකාවේ වවනු ලැබේ.අනික් වර්ග දෙක වන ස්ටෙරිලිට්සියාස් හා හෙලිකෝනියා විසිතුරු පුෂ්ප මංජරි හට ගන්නා ශාඛයන්ය.මෙම වර්ග දෙකද ලංකාවේ විසිතුරු මල් වවන්නන් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇත.ඒ වර්ග දෙකෙනුත් හෙලිකෝනියා වර්ගය බෙහෙවින් ජනප්‍රිය වී ඇත.කැන්ඩිගේ අම්මගේ විසිතුරු ශාඛ එකතුවේත් මේ ශාඛ වර්ග අඩංගු නිසා ඉදිරි Post එකකින් මේවර්ග වල පිංතූරත් ඔයාලට පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා.

කැනා අයත් වන්නේ Cannaceae කුලයටයි.දැනට විද්‍යාඥයින් සොයාගෙන ඇති අන්දමට Cannaceae කුලයට අයත් එකම ගනය වන්නේ කැනා (Canna) යි.වර්ෂ 2003 දී වෙනස් කරන ලද නව ආවෘත බීජක ශාක වර්ගීකරණයට අනූව කැනා ගෝත්‍රයට Zingiberales ඇතුලත් කරන ලදී.මෙම ගෝත්‍රයේ පොදු පූර්වජ ආකාරය වන්නේ ඒක බීජ පත්‍රික ශාඛ වල පොදු පූර්වජ ආකාරයක් වන commelinids වේ.මෙය නව ආවෘත බීජක වර්ගීකරණයේදී නම් කරන ලද පොදු පූර්වජ ආකාරයකි.නිවර්තන කලාපීය ශාඛයක් වුවත් අද වන විට මෙම ශාකය බොහෝ රටවල වගා කෙරේ.

මීටරයක් පමණ උසට වැවෙන මෙම ශාඛය පලල් පත්‍ර සහිත ශාකයකි.භූගත රෛසෝමයක් සහිත වන ශාඛයක් වන මෙය විවිද වර්ණයන්ගෙන් යුත් පත්‍ර සහිත වේ.මැරූන් සහ දුඹුරු වර්ණයන්ගේ යුක්තවන Canna විශේෂද මේ අතර වේ.මල් වල වර්ණයන් රතු තැඹිලි කහ සහ එම වර්ණයන්ගේ මිශ්‍රනයන්ද දැකිය හැක.බොහෝ විට මෙම වර්ණයන් පරගනය සඳහා උද්වු වන කෘමීන් පැනි කුරුල්ලන් ආදී සතුන් ආකර්ශනය සඳහා සැකසී ඇත.මෙම ශාකයේ සමහර විශේෂයන් මීටර් දෙකක් තුනක් පමණ උසින් වැඩෙන අවස්ථාද ඇත.ප්‍රරෝහණය බීජ මඟින්ද පිෂ්ටය තන්පත් වූ භූගත කඳ මගින්ද සිදු වේ.
බීජය තද පැහැති වර්ණයක් ගන්නා අතර තද බීජවරණයකින් සමන්විත වේ.සමහර බීජ ව්යිරම් ස්වභාවයකින්ද දැකිය හැක.

තද පැහැති බීජාවරණයක් සහිත නිසා බීජවලට මාස දෙකක් තුනක් වැනි සුප්ත කාලයක් තිබිය හැක.මෙය කැනා Liliopsida වර්ගයට දක්වන පරිණාමික බන්ධුතාවක් ලෙස දැක්විය හැක.කැනා පැල ලබා ගැනීඑම ක්‍රම කිහිපයකින් කල හැක එනම් කැනාහි භූගත කඳෙන් එන පැල වෙන්කර නව ශාඛයක් ලබා ගැනීමයි.තවද භූගත කඳ වෙන්කර කඳේ අංකුර වෙන්කිරීම මඟින්ද පැල ලබා ගත හැක.තවද කැනා බීජ මඟන්ද පැල ලබා ගත හැක.මෙම කැනා බීජ ප්‍රරෝහණය ආරම්භ වීමට තවාන් දමා මාසයක් පමණ කාලයක් වුවද ගත විය හැක.

කැනාහි සම්භවය වර්තා වන්නේ ඇමරිකාවෙනි.එය එසේ වන්නේ සියළුම යුරෝපීය කැනාවිශේෂයන් යුරෝපයට ගෙනවිත් තිබෙන්නේ ඇමරිකාවෙන් නිසාය.කැනාහි සුන්දරත්වය නිසාම එය ජනප්‍රිය ගෙවතු ශාඛයක් බවට පත් වී ඇත.වෙනත් භාවිතයන් ගැන සඳහනක් කරනවා නම් මෙය සත්ව ආහාරයක් ලෙස වෙනත් රටවල භාවිතා කරයි.තවද කැනා ඇට ආභරණ වර්ග සෑදීමට ගන්නා අමුද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි.

නෙත සිත පිනවන කැනා ශකයක් ඔබේ ගෙවත්තටත් එකතු කර ගන්න.

කැන්ඩි...





4 comments:

හා පැටික්කි (MS) said...

ගොඩක් දේවල් ඉගෙන ගත්ත බොහොම ස්තූතියි........

චතුර.... said...

@ හා පැටික්කි
පාන්දරින්ම මේ පැත්තේ ආවට ස්තූතියි......

ඉලංදාරියා said...

හොද පොස්ට් එකක් ... හුකග් දෙවල් ඉගෙනගතා ,,,

ජය ඔබට

චතුර.... said...

@ඉලංදාරියා
මේ පැත්තේ ආවට ස්තූතියි..

Post a Comment