Sunday, June 13, 2010

සිව්වැන්නෙන් ඔබේ මානයට..........

තෘණ


සැඟවුන කතාව....
මේක නම් මම ගත්තෙ අපේ මිදුලෙ කොනක තිබිලා.....
මේක තිබුන පරිසරයත් එක්ක මේකෙ පාට හොඳට ගැළපිලා තිබුනා කියල මට හිතෙනවා..
පසුබිමත් එක්ක මේ පින්තූරයේ පාලුගතියක් දැනුනත් ඒකෙ අමුතු ලස්සනක් මට පෙනුනා...
මේකත් තෘණ වර්ගයේ ශාකයක්.
මේකෙ බීජ ව්‍යාප්තියට පහසුවන් ලෙස තමයි මේකෙ බීජ මේ විදියට හැදෙන්නෙ...
සතුන් සුළඟ මගින් බීජ ව්‍යාප්ත කර ගන්න තමයි මේක මේ විදියට සකස් වෙලා තියෙන්නෙ.
මේක ලස්සනට පෙනුනට මේකෙ ඉක්මන් ප්‍රචාරණය නිසා ඉක්මනින් පැතිරෙනවා.
මම නම් ඉස්සර අක්කා හරි අම්මා හරි තරහ වුනාම යාලු කරගන්නත් මේ වගේ දේවල් පාවිච්චි කරල තියෙනවා.....
හැබැයි තරහ වුන අයට මේවා ගිහින් මුනෙ ගෑවම කේන්තිය දෙගුණ තෙගුණ වෙන්නත් පුළුවන්......




සුන්දර වනරාජ..





සැඟවුන කතාව....
මේකනම් ඔයගොල්ලො බොහොම දෙනෙක් දැකල නැතුව ඇති.
මේක තමයි වනරාජ කියන දුර්ලභ ශාඛය..
මම දන්න තරමින් මේක ලංකාවෙ විතරක් වැවෙන ශාකයක්..
නමුත් 100%ක්ම විශ්වාසයෙන් මට කියන්න අමාරුයි.
නමුත් දුර්ලභ ශාඛයක්.
මේක දුර්ලභ ශාඛයක් වගේම ඉතා ඉහළ ඖෂධීය වටිනාකමකුත් තියෙනවලු.
ආ ඉතින් ඔන්න වැදගත්ම කාරණාව කියන්න බැරි වුනානේ..
මේ වනරාජ පැළය අපේ අම්මා ගෙනාවෙ විසිතුරු මල්පැළ අළෙවි කරන තැනකින්...
මේ පැළය දැක්ක හැටියෙම මට දැකල පුරුදු ගතියක් දැනුනා...
ඒ මොකද මම මේ වනරාජ පැළෑටිය සහ ඉරුරාජ පැළෑටිය රූපවහිනී වැඩසටහනකින් දැකලා තිබුනා..
ඒකෙ තිබුන ලස්සන හන්දම මට ඒක ටිකක් හොඳට මතක තිබුනා.
මම අම්මගෙන් ඇහුව මේකෙ නම මොකක් කියලද කිව්වෙ කියලා...
අම්ම්මට නමක් කියල නෙවෙයි මේක දීල තිබුනෙ....
අපේ අම්මත් ගහේ ලස්සනට මේක අරන් ඇවිල්ලා..
මට දැන් හිතුනෙම මේ අර ගහක්ම වෙන්න ඇති කියලා
ඒත් ඉතින් මට මේක අම්මට කියන්න බැහැනේ හරියට දන්නේ නැතුව...
ඒක නිසා නිකන් හිටියා...
අපේ මාමාගේ පොඩිපුතා ආයුර්වේද වෛද්‍යවරයෙක්...
ආයුර්වේද වෛද්‍යවරු ඖෂධ වර්ග බොහොමයක් අඳුරනවනේ..
ඉතින් දවසක් මම එයා ආවම පෙන්නලා මේ ගහේ නම මොකක්ද කියල ඇහුවා..
එතකොට ඔන්න කියාපි මේකෙ නම වනරාජ කියලා..
මේක කොහෙන්ද ගෙනාවෙ කියල අහල ඉවරවෙලා එයා මේකෙ විස්තර කිව්වා...
ඉතින් ඔන්න ඔහොමයි ගහ අඳුර ගත්තෙ..
එදා රූපවාහිනි වැඩසටහනේ පෙන්නුව විදියටනම් මෙම ශාඛය ළඟ තබා ගැනීම,
ප්‍රවාහනය,සහ අළෙවි කිරීම නීතියෙන් දඩුවම් ලැබිය යුතු වරදක්..
මේකෙ වඩාත් දුක හිතෙන කාරණාව තමයි මෙතරම් සංරක්ෂණය කරන ශාකයක්
විසිතුරු මල්පැළ අලෙවි කරන්නන් අතට පත් වීම.
මතකනේ අපේ රටට ආවේනික ශාඛයක් වන කොතල හිඹුටු ශාඛයට වුන දේ..?
අපේ රටේ ආවේණික ශාඛයක් වෙලත් එය උපයෝගී කරගෙන නිපදවන ඉතා වටිනා ඖෂධවල
පේටන්ට් අයිතිය තියෙන්නේ වෙනත් රටකට.....
විසිතුරු මල් අළෙවිකරුවන් මේකත් අපනයනය කළොත් මේකටත් වෙන්නේ ඒ දේම තමයි.
ලොකුම ප්‍රශ්නය තමයි සිංහරාජය,
රිටිගල වැනි රක්ෂිතවල වැවෙන මෙම ශාඛය මෙම පුද්ගලයන් අතට පත් වුනේ කෙසේද ?යන්න....
හැබැයි අපේ අම්මා මේක ගෙනාවායින් එක හොඳක් නම් වුනා..
ඒක තමයි ඉතාම දුර්ලභ ශාඛයක් වුන මේකෙ ප්‍රචාරනය සිදුවුන එක...
දැන් අපේ නෑදෑයින්ගෙන් බොහොමයක් දෙනෙකුගෙ ගෙවල් වල මේ පැළ තියෙනවා...
(හැබැයි ඔන්න පින්තූර ටික බැලුවා වගේ නෙවෙයි කවුරුවත් හෙම
වන සංරක්ෂණදෙපාර්තමේන්තුවට කියනවා නෙමෙයි..
එහෙම වුනොතොත් කට්ටියටම දඩතමයි...)




ලේන්තැරී........


සැඟවුන කතාව....
මෙන්න ඉදුන ලේන්තැරී ගෙඩියක්..
පස්සෙ දවසක ලේන්තැරීවල පින්තූරයක් දාන්නම්කෝ..
දැනට මේක බලල ගුණදොස් කියල යන්න.
මේකෙ ඉර එලිය වැටිල තියෙන විදිය දැක්කම මට හරිම ලස්සනයි කියල හිතුනා..
ඒකයි මේකත් පෙන්නන්න හිතුවෙ...
ඉර එළියත් එක්ක ලේන්තරී ගෙඩියේ රතුපාට හරිම ලස්සනට පේනවා...




ඇඹරැල්ලා මල්...


සැඟවුන කතාව....
ඇඹුල්ම ඇඹුල් ඇඹරැල්ලා කාල තියෙනවාද..?
මේ තියෙන්නේ ඇඹරැල්ලා පුෂ්ප මංජරියක්..
මේකනම් මම ගත්තේ අපේ මාමලාගේ ගෙදර ව්ත්තේ ගහකින්.....
මේකෙ චූටි ගෙඩිත් දැක ගන්න පුළුවන්.
චූටි චූටි මල් රාශියකින් සමන්විත මේ පුෂ්පමංජරිය කොඉතරම් ලස්සනද කියල බලන්නකෝ..?




ඇඹුල්ම ඇඹුල් බිලිං.............


සැඟවුන කතාව....
ආ ඔන්න තවත් ඇඹුල් පලතුරක්.
මෙයා ගොඩාක්ම ඇඹුල්.
ගමේ ගොඩේ ගෙවල් වල මේක පලතුරක් විදියට විතරක් නෙවෙයි ව්‍යංජනවලට
රසකාරකයක් විදියටත් භාවිතා කරනවා.
හීනි තීරුවලට කපල වේලල කල්තබාගෙනත් මේවා භවිතා කරනවා.
මේක හම්බවුනත් අපේ මාමලගේ ගෙදර වත්ත පහළ තිබිලා.....




පුංචි මිනින්දෝරුවා......





සැඟවුන කතාව....
මෙයාව දැක්කෙත් අපේ මාමලගේ ගෙදර වත්ත පහළදී....
කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ කියලත් අහල ඇතිනෙ නේද?
මෙයා ටිකක් අනෙක් කූඩැල්ලන්ට වඩා ප්‍රමානයෙන් විශාලයි..
මේක ගන්න වෙලාවෙත් මෙයාට ඕන වුනේ මගෙ අතට ගොඩවෙන්න.
මෙයාව ගැමියො හඳුන්වන්නේ පිත්තලපටියා කියලයි..,
ඒ මෙයාගේ පිට දිගට කහපාට ඉරක් තිබෙන නිසා හා මෙයා
තරමක් අනෙක් කූඩැල්ලන්ට වඩා ප්‍රමානයෙන් විශාල නිසායි..

පින්තූර බලල ගුණදොස් කියලා comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...

කැන්ඩි.......

6 comments:

Teshan said...

අපෝ කූඩැල්ලන්ව නම් මතක් කරන්න එපා. මගේ කකුලෙ එකෙක් ගිහින් කලුලෙ කාපු තැන තුවාලයක් වගේ වෙලා හෙන කාලයක් තිබ්බ හොඳ වෙන්නෙ නැතුව. ඊටත් වඩා කැසිල්ල.

චතුර.... said...

අනේ අර අසරණ කූඩැල්ලට බනින්න එපා.....
ඔයාව කෑවනම් ඌ අනිවාර්යයෙන්ම ඒ වෙලාවෙම දිවන් ගත වෙන්න ඇති.
විෂ ආහරයක් ශරීරගත වී මිය යාම කියල අනිවාර්යයෙන්ම කූඩැල්ලගේ මරණපරීක්ෂණ වාර්තාවේ ලියවිලා ඇති.....
අනිත් එක ඔයාගෙ ඔය කැසිල්ල තිබුනෙ ඉතින් උපන්දා පටන්මනේ...
ඒකට කූඩැල්ලට දොස් කියන්න එපා........
හික් හික්...............

Teshan said...

කූඩැල්ලට බැන්නම ඔයාට ඩෝං යන්නෙ එයා ඔයාගෙ නෑයෙක්ද?

දිල් said...

හරිම නිර්මාණශීලි ඡායාරූප ටිකක්. කවුරුත් දකින්නේ නැති දේවල් ග්‍රගණය කරගැනීමේ අපූරු හැකියාවක් මල්ලිට තියෙනවා කියලා මට හිතුනා....

අර තෘණ ශාඛයේ පින්තූරය නම් හරිම ලස්සනයි. කවදාවත් දැකලා නෑ කියලා හිතුනා. සමහර විට දැකලා ඇති. ඒත් එතරම්ම උවමනාවෙන් බලලා නැතුව ඇති.

දෙවෙවි ඡායාරූපයේ පැලෑටියනම් මීට කලින් දැකලා තියෙනවා. පේරාදෙනියෙ ගන්නොරුවෙදී. ව්‍යාප්ති වැඩසටහනකට සහභාගි උන වෙලාවක...

අර කූඩැල්ලගෙ ඡායාරූපයනම්..අම්මෝ.දකිද්දිත් ඇඟ හිරිවැටුනා.... කැලේ ඉන්න කොටියටත් වඩා මම බයයි ඔය කූඩැල්ලට.....නාච්චිමලේ නාන්න ගිහින් කූඩැල්ලෙක් එල්ලීලා මුළු ඒරියා එකටම ඇහෙන්න බෙරිහන් දුන්න හැටි මතක් උනා...

කොහොම නමුත් අපූරුයි.........

චතුර.... said...

@ දිල් අක්කි

comment එකට බොහොම ස්තූතියි..
reply එක දාන්න පරක්කු වුනාට සමාවෙන්න ඕනි...
මට මේ දවස් ටිකේ විභාගේ තිබුන....
බලාගෙන ගියාම බොහොම දෙනෙක් කූඩැල්ලන්ට බයයිනේ නේද?
ආ.. එහෙනම් අහුලන මතක වලට කූඩැල්ලගේ කතාවත් ලියන්න..

@ Teshan

මගේ නැයන්ට බැනල අපහාස කරල අහුවෙන්න එපා හොඳේ...
හික්ස්ස්ස්ස්ස්...............

හා පැටික්කි (MS) said...

පරක්කු උනත් අහම්බෙන් ආපු ගමනට ලියල යන්න හිතුන......
කූඩැල්ලොන්ට මේ අය ඔච්චර බය මොකද මංද.........

පින්තූර ඔක්කොම නියමයි......... අමුතු ලස්සනක් තියනව......

දිගටම අපිට ලස්සන පින්තූර අරන් එන්නකෝ....... :) :)

(බලපු පරණ ලිපි ඔක්කොටම හරියන්න එක කමෙන්ට් එකයි දැම්ම තරහ වෙන්න එපා.....)

Post a Comment