Friday, June 4, 2010

නොනිමි ඇරඹුමක දෙවැන්න......................

කිරිවෙහෙර



සැඟවුන කතාව..........

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ කතරගම කිරිවෙහෙරයි.
මේක ගත්තෙ ගිය අවුරුද්දෙ කතරගම ගිය වෙලාවෙ.
කිහිප සැරයක් කතරගම ගියත් මගෙ ජීවිතේට අමතක වෙන්නෙ නැහැ මේ ගමන නම්.
ඒ ආපසු එන අතරමගදි අපි මුහුණදීපු අකරතැබ්බයක් නිසයි.
ඒක ගැන මම පස්සෙ කියන්නම්.
අපි එදා කතරගම යන්න පිටත් වුනේ පාන්දර එකට විතර.
අපි උදේ 6 විතර වෙනකොට කතරගමට ගියා..
මේ පින්තූරය ගන්න කොට වෙලාව උදේ 6.30ට විතර ඇති.
එදා ටිකක් වැහිබර දවසක්.
අපි කිරිවෙහෙර වඳින්න ගියා දේවාලය 7ට හරි 8ට හරි අරිනවා කියල කිව්ව නිසා.......
වැඩිය සෙනග හිටියෙත් නැහැ උදේම නිසා.
මෙම පින්තූරය ගත්තෙ උදේ 6.30ට විතර...ඒ වෙලාවෙ ට්කක් විතර වර්ෂාව තිබුන..
අහසත් අඳුරුයි.උදේම නිසා ඉර එළියත් වැටිල තිබුනෙ නැහැ හරියට
වැහි අඳුරත් එක්ක මේ පින්තූරය අමුතු පාටක් පේනවා........
උදේම ගන්න ඡායාරූප වල අමුතු ලස්සනක් තියෙනවා කියල මම හිතන්නෙ ..
ඒ වෙලාවට ඇති ආලෝක තත්වය දවසේ වෙන කොයි වෙලාවකවත් දකින්න ලැබෙන්නෙ නැහැ....
උදේට දකින්න ලබෙන වර්ණ සංයෝජන වලට මම කොහොමත් ප්‍රියතාවක් දක්වනවා...



සැඟවුන කතාව..........

මේ දෙවෙනි ඡායරූපය ගත්තෙ උදේ 7.30 ට 8 ට විතර.
ඒ වෙලාව වෙනකොට වැහි අඳුර ටිකක් අඩුවෙලා ඉර එළිය එහෙම වැටෙන්න පටන් අරන්.
උදේ 8ට විතර වැටෙන ඉර එළිය සමඟ හරිම ලස්සන දසුනක් මැවෙනවා......
මේ ඡායාරූපයෙත් අමුතුම එලියක් වෙහෙරට වැටිල තියෙනවා......









සැඟවුන කතාව..........

මේ අනෙකුත් පින්තූර තුන ගත්තෙ පහළට ආවට පස්සෙ....
ඒ වෙලාව වෙනකොට කිරිවෙහෙරට එන බැතිමතුන් ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න පටන් අරන්..
මේවගේ ස්ථානයකට ගියාම හරියටම එතන දවසම ඉන්න හිතෙනවා...මේ වගේ ස්ථානයකට ගියාම දැනෙන මානසික සුවය කියල නිම කරන්න බැහැ....
මටත් කිරිවෙහෙර ළඟට ගියාම එහෙමම දැනුනා හැඟුනා......ඔය ගොල්ලොත් කතරගම යනවනම් උදෙන්ම එතෙන්ට ගිහින් බලන්න......
ඒ වෙලාවට වැඩ කරන සේවකයන් ඇරුනම වෙන කවුරුවත් නැහැ........
නිස්කලංකව තම තමන්ගේ වන්දනා මාන කටයුතු ටික කරගෙන පරිසරයෙ අසිරියත් විඳගන්න කියාපු වෙලාව ඒක......



බුදුන් පුදට...............










සැඟවුන කතාව..........

මේ මල් නම් අපේ ගෙදර පොකුණෙ පිපුණ ඒවා නෙවෙයි.අපේ ගෙදර තියෙන්නෙ සුදුපාට විතරයි.මේ මල් ටික අපේ අම්මා කිරිවෙහෙරට පූජා කරන්න ගත්ත මල්....
ඡායාරූපකරණයේදී භාවිතා වන එක් රීතියක් මෙම ඡායරූප වල කඩවී තිබුනත් මෙම මල් වල වර්ණ සංයෝජනය
ලස්සනයි කියල මට හිතුන නිසා මෙම ඡායාරූප ඔය ගොල්ලන්ටත් පෙන්වන්න කියල මම හිතුනා....
මේ මල් අතරෙ නෙළුම්මල් සුදුමානෙල්,නිල්මානෙල් සහ රතුමානෙල් මල් තිබෙනවා........
එකට තියෙන කොට මේ මල් කොච්චර ලස්සනද කියල බලන්නකෝ..........



නොකියූ කතාව............

ආ ඔන්න දැන් තමයි අර නොකියපු කතාව කියන වෙලාව......
මේ කතාව මම දැන් කිව්ව්ට පැහැදිලිවම මගේ හොඳම යාලුවටවත් කිව්වෙ නෑ ලැජ්ජාවට......
මේ සිද්ධිය වුනේ අපි කතරගම ගිහින් ආපහු එනකොට......
වුණදේ නම් සම්පූර්ණයෙන්ම කියන්න බැහැ.......
ඒත් මටවුණ දේවල් කියන්නම්කෝ........
මුලින්ම හිතා ගන්න අපේ වාහනය ඉගිලුනා කියල.......හික් හික්.....මේක තමා මමත් ඉඟිලුන පළමු වතාව....
ඒ වුනාට අපේ වාහනයට සීරීම් ඇරෙන්න බරපතල අලාභානියක් වුනේ නැහැ.......
අපේ අම්මගෙ කකුල පොඩ්ඩක් උලුක්කු වුනා එහාපැත්තෙ ඉඳගෙන හිටපු අපේ මාමාගෙ පුතා ඇවිත් අපේ අම්මගෙ කකුල උඩට වැටුන නිසා.....
ඔන්න ඒ වෙලාවෙ මම නම් හිටියෙ වාහනයෙ ඉස්සරහ.......හිටියෙ සැප නින්දක..........
මේ සිදුවීම වුනෙත් අපේ වාහනය පදවපු අයියට නින්ද ගිය නිසයි................
ඉතින් ඔන්න හරියටම වුන දේ කියන්නම්කෝ......මට නම් මතක එක පාරටම මම තත්පර 10ක් විතර පියාඹල බිමට පාත් වුනා කියල තමා.....
මට නින්ද ගිහින් හිටිය නිසා අර උඩින් ගිය වෙලාවෙ මගෙ ඔළුව කීප පාරක්ම තදින් ඉදිරිපස වීදුරුවෙ තදින් වැදිල තියෙනවා.....මට නම් මතක නැහැ...
ඒ වුනාට අනිත් ඔක්කොම දැකල තියෙනවා......
ඔන්න ඉතින් වාහනය නැවතුන හැටියෙම අනෙක් කට්ටිය දනි පනි ගාල නැඟිටල එලියට ඇවිල්ලා ..
ඒත් මම හෙලවුනේවත් නැති නිසා කට්ටිය බයවෙලා.....
ඉතින් කට්ටිය ඔක්කොම මගෙ මූණට වතුර එහෙම ඉස්සහම තමා මම නින්දෙන් නැඟිටල තියෙන්නෙ.....
ඕකට ඔක්කොම එක්ක මට තවත් මාස 3ක් 4ක් විතර යනකම් හිනා වුණා....
ඒත් ඉතින් නින්ද ගියා කියල මොනව කරන්නද..? ඒත් මට ඊට පස්සෙ ටික දුරක් එද්දී තදින්ම දත් කැක්කුමක් හැදුනා...
ජීවිතේටම දත් කැක්කුමක් හැදිල නැති මට එදා දත් කැක්කුමක් හැදුන එකට මටම පුදුම හිතුනත් පැනඩෝල් පෙති 2ක් බිව්වම ඒක අඩුවුන නිසා මම ගණන් ගත්තෙ නෑ............
හැබැයි බැලුවම ලොකුම හානිය වෙලා තියෙන්නෙ මට.....
ඊට සති දෙකකට විතර පස්සෙ ටික ටික හැදුන දත් කැක්කුම වැඩියෙන් හැදුන නිසා දන්ත වෛද්‍යවරයෙක් ලවා
පරීක්ෂා කර ගත්තමයි දැනගත්තෙ එදා අර වීදුරුවෙ වැදුන පාරට මගේ උඩුහක්කෙ දතක් පුපුරල කියල.......
කොච්චර බෙහෙත් බිව්වත් කැක්කුම ඉවසන්න බැරි නිසා මම ඒ දත ගලවන්න අකමැත්තෙන් උනත් හා කිව්වා.....................
ඔන්න ඕකයි වුනේ...........කාට වුනත් වරදක් කියන්න බැහැ දෙයක් වුනාට පස්සේ.......................
හැබැයි සිද්ධිය දැකපු අය කිව්වෙ වන්දනා ගමනක් ගිහින් එන නිසා අපට මුකුත් කරදරයක් වුනේ නැත්තෙ කියල.........
හැබැයි මතක තියා ගන්න ඕනෙ දෙයක් තමා එක පුද්ගලයෙකුගෙ නින්දෙන් තවත් දහසක් දෙනාගෙ ජීවිතත් තවත් කෙනෙක්ගෙ දේපලකුත් නිරපරාදේ විනාශ වෙන බව...........
ඒක නිසා අපි දැන ගන්න ඕනෙ එහෙම අත්වැරැද්දකට තිබෙන ඉඩකඩ අඩු කරගන්න.
ඒක නිසා හැමවිටම ඔබ රථයක් පදවනවානම් නිදිමත සෑදෙන විටෙක ඔබේ නිදිමත පහවන තුරු රථය මාර්ගයෙන් ඉවතටගෙන නවතාගෙන
සිට නින්දක් ලබා නැවත ධාවනයේ යෙදෙනවානම් වඩාත් සුදුසුයි.
අනෙක් කාරණාවනම් ඔබ රථයක ගමන් කරනවානම් නිතරම රියදුරු සමඟ කතාබහේ යෙදෙන්න.....
එමඟින් මෙවැනි සිදුවීම් වලක්වා ගතහැකිවේ..
අර " Talk to the man on the wheel" කියලත් කියනවනේ.......

කැන්ඩි.......








4 comments:

Teshan said...

බෞද්ධයෙක් කතරගම යන්න ඕනෙ නම් කිරි වෙහෙර වඳින්න මිසක දේවාලෙට යන්න නම් නෙවෙයි. සංස්කෘතික පසුබිමක් බලන්න කියල ගියාට වරදක් නෑ. ඒත පුද් පූජා පවත්වන එක මන් කොහෙත්ම පිලි ගන්නෙ නෑ. අනික කිරි වෙහෙර කියන්නෙ බෞද්ධයන්ගේ ගෞරවයට පත් වුණ උතුම් බිමක් නෙ. ඒ නිසා ඒ ගමනට හින්දු දෙවිවරු ගාවා නොගන්නවා නම් තමයි වඩා හොඳ.

අනික තමා කැන්ඩිගේ එදා ඔළුව වැදුනු දා ඉඳන් තමයි ටිකක් මැන්ටල් ගතියක් තවමත් තියෙන්නේ.

පිංතූර ටික නම් ලස්සනයි. හැබැයි ඉතින් දැනටමත් කොම්පියුටරේ ඉස්සරහ බුදියන මනුස්සයා ඇක්සිඩන්ට් එකක් වුනාමවත් ඇහැරෙයි යැ?

චතුර.... said...

මමත් හින්දු දේව ඇදහිල්ල ගැන එතරම් ප්‍රියතාවක් දක්වන්නේ නැහැ.........
නමුත් අපිට මෙම දේව ඇදහිල්ල 100%ක්ම බැහැර කරන්නත් බැහැ නේද?
බුද්ධ දර්ශනයෙත් එහෙම දෙයක් කියල නැති නිසා මමත් ඒක තදින් අදහන්නේ නැහැ.......
මම නම් අර තදින්ම දෙවියන් අදහන දෙවියන් සියල්ල ඉටුකර දේවි කියා සිතන ත්‍රිවිධ රත්නයට වඩා දෙවියන් අදහන මුග්ධ භක්තිකයෙක් නෙවෙයි.
නමුත් නිරුවතින් ඉන්න පිරිසක් මැද අපි වස්ත්‍ර ඇදන් හිටියම ඒ අය අපිටනේ හිනා වෙන්නේ නේද?
රෝමයේදී රෝමවරු ලෙස හැසිරෙමු...........
අඩුම තරමින් එසේ හැසිරෙනවා යයි අඟවමු........
ඔබගේ අදහස 100%ක් නිවැරදියි.................

චතුර.... said...

අහ්..............
කියන්න අමතක වුනා............
මම මැන්ටල් හින්දනේ මං වගේම යාලුවොත් එක්ක නිතරම කතාබහ කරන්නේ නේද..........?

Teshan said...

apoooooooi ow

Post a Comment