මට මේ දවස් ටිකේ විභාගය තිබුණ නිසා ටිකක් මේ පැත්තේ එන්න ලැබුනේ නැහැ.
ඒක නිසා අළුත් post එකක් ලියන්නත් බැරිවුණා.
මුලින්ම ඒකට සමාවෙන්න කියල කිව්ව ඔන්න.
විභාගය නම් තවම ඉවර නෑ..
ඒත් මට අළුත් පොස්ට් එකක් ලියන්න හිතුනා.
මේක ඉවර වෙනකම් තව සති දෙකක් ගෙදරට වෙලා ඉන්නත් ඕනිනේ.
මේ ඡායාරූප ටික මම ගත්තේ බොහොම අමාරුවෙන්
මොකද මේ වගේ දෙයක් ඡායාරූප ගත කරන්න තරම්
මගේ කැමරාවේ විශාලන බලය ප්‍රමාණවත් නැහැ.
හැබැයි මීට ව්ඩා හොඳ පින්තූර ටිකක් ළඟදීම පෙන්නනවා කියල පොරොන්දු වෙනවා.






සැඟවුන කතාව.....
බොහොම දෙනෙක් මේ ඡායාරූපවල තිබෙන ශාඛය දැකල තියෙනව ඇති.
නමුත් මේ මොකක්ද කියල නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති.
උසස්පෙළට ජීව විද්‍යාව විෂයක් විදියට හැදෑරුව කෙනෙක් නම් මේක මොකක්ද කියල දන්නවා ඇති.
මේක තමයි පර්ණාංග ශාඛ වල ජන්මානු ශාකය.
ඔන්න දැන් නම් ටිකක් පැටලිලි සහගත ඇති.
ඉන්නකෝ මම මේකෙ ජීව විද්‍යාත්මක විස්තර ටික කියන්න.
ජීව විද්‍යාවේදී ජීවින් අධ්‍යයනය පහසුව තකා ජීවින්ව වර්ගීකරණය කරනවා.
මූලිකවම කිව්වොත් වර්ගීකරණයේ එක වටිනා ප්‍රයොජනයක් තමයි සෑම ජීවීන් වර්ගයකටම ඔවුන්ට පමණක් පොදුවූ නාමයක් දීමට හැකිවීම.
ඒකට අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමය වන්නේ ස්වභාවික නාමකරණයයි.
මෙම ස්වභාවික වර්ගීකරණයේ මූලික ඒකකය විදියට භාවිතා
කරන්නේ විශේෂය කියන ඒකකයයි.
එය ස්වභාවයෙන්ම තීරණය කර තිබෙන වර්ගීකරණ මට්ටමක්.
මෙම ස්වභාවික වර්ගීකරණයේ අනෙකුත් මට්ටම් මිනිසා විසින් නිර්මාණය කරන ලද වර්ගීකරණ මට්ටම්.
එම එක එක මට්ටම් තක්සෝන කියල හඳුන්වනවා.
මෙම තක්සෝන ඉහල සිට පහලට එනම් වැඩි එකේ ඉඳල අඩු එකට කියනවනම්
රාජධානිය,වංශය,වර්ගය,ගෝත්‍රය,කුලය,ඝනය සහ පහලම තියෙන එක
එනම් ස්වාභාවික වර්ගීකරන ඒකකය විශේෂය වෙනවා.
මිනිසා ඇතුලු සියලූම බහුසෛලික (එනම් සෛල එකකට වඩා ඇති ),විෂම පෝෂී(සරලව කියනවානම් තමන්ගේ ආහාර තමන් නිපදවා නොගන්න )
ජීවීන් අයත් වෙන්නේ ඇනිමාලියා කියන රාජධානියටයි.
ස්වයංපෝෂී(එනම් තමන්ගේ ආහාර තමන් විසින් නිපදවා ගන්නා)බහුසෛලික ජීවීන්(එනම් සෛල එකකට වඩා ඇති )ජීවීන් අයත් වෙන්නේ ප්ලාන්ටේ
කියන රාජධානියටයි.ප්ලාන්ටේ රාජධානියට අයත් වෙන්නේ ශාඛ.
ප්ලාන්ටේ රාජධානිය ප්‍රධාන වශයෙන් Division පහකට බෙදා දක්වනවා.මේවා මිනිසා විසින් වර්ගීකරණයේදී භාවිතා කරන
උපරි වර්ග ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒවා Bryophyta,Pterophyta.Lycophyta,Cycadophyta සහ Anthophyta ලෙස පහකි.
Bryophyta ලෙස හඳුන්වන්නේ මුල්ම ගොඩබිම ශාඛයි.
Anthophyta ලෙස හඳුන්වන්නේ සපුෂ්ප ශාඛයි.
මේ අතරින් Pterophyta division එකට අයත් ශාඛ ලෙස පර්ණාංග හඳුන්වන්න පුළුවන්.
එයට අයත් විශේෂයන් උදාහරණ ලෙස දක්වනවානම් Nephrolepis හා Salvinia(ජලජ මීවන ) දැක්වීමට හැකිය.
පර්ණාංග ශාඛයේ ජීවන චක්‍රය මෙසේ දැක්විය හැක.
ජීවන චක්‍රයේ ප්රමුඛ අවස්ථාව බීජාණු ශාකයයි.
පර්ණාංග ශාකයේ බීජනු ශාඛය යනු සාමාන්‍යයෙන් අපිට පරිසරයේ දැක ගත හැකි මීවන ශාකයි.
මෙම බීජානු ශාකයේ පත්‍රවල යටි පැත්තේ ඇති සොරස තුල මේවායේ බීජණුධානි ඇත.
මීවන ගහක කොලයක් අරන් බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි කොළයේ යටි පැත්තේ දාරවල තිබෙන බෝංචි ඇට හැඩැති සොරසයන්.
මෙම සොරස තුල බීජානුධානි අන්තර්ගත වේ.
බීජාණුධානි තුල බීජාණු හට ගන්නවා.
ඒ බීජාණු සුළඟ මඟින් ව්‍යාප්ත වෙලා සුදුසු උපස්තරයක් මත පතිත වුණාම ඒක
ප්‍රරෝහණය වෙලා මේ ඡායරූපවල තිබෙන ජන්මාණුශාඛ ඇති වෙනවා.
මෙම ජන්මාණු ශාඛය සෙන්ටිමීටර එකක් එකහමාරක් විතර ලොකුයි.
හැඩය හෘදයාකාරයි.
තලසක් වගේ පසමත වැතිරිලා වැඩෙන ශාඛයක්.
තෙතමනය රැඳෙන ස්ථාන වල දැක ගන්න පුළුවන්...
මෙම ජන්මාණු ශාඛයේ ශුක්‍රාණුධානි හා අණ්ඩාණුධානි පිහිටනවා.
එම ශුක්රාණුධානිවල ඇතිවන ශුක්‍රාණු වැසිකාලයේදී ජලය ඔස්සේ පිහිනා
ඇවිත් අණ්ඩාණුධානියට ඇතුලු වෙලා ඩිම්භසෛලය සමඟ සංසේචනය වෙලා යුක්තාණුවක් ඇති වෙනවා.
මෙම යුක්තාණුව බෙදී කළලය බවට පත් වන අතර කලලය පසුව බීජාණුශාඛය බවට පත් වෙනවා.
හෘදයාකාර මෙම ජන්මාණුශාඛය ඔයාලට වැහිවතුර බැහැලා යන කාණු වල ඉවුරේ,ඉවුරුවල,තෙතමනය සහිත ස්ථානවල දැකගන්න පුළුවන්.
මමත් මේ පින්තූර ටික ගත්තේ පිරිසිදු වැහිවතුර බැහැලායන කාණුවකින්.
හැබැයි කුණුවතුර කාණුවලනම් මේවා දකින්න හම්බ වෙන්නෙ නැහැ.


මේ පින්තූර දෙකේ දකින්න ලැබෙන්නේ තෙතමනය සහිත ස්ථාන වල බහුලව දකින්න ලැබෙන මීවන වර්ගයක්.
පිංතූර බලලා ගුණදොස් කියල comment එකක් දාල යන්න අමතක කරන්න එපා.
කැන්ඩි.......