Sunday, July 25, 2010

නවතම හත්වැන්න......

කැන්ඩිගේ තෙවැනි ඇස අළුත් වෙයි....



කාලයක පටන් කරපු කන්නලව්වක ප්‍රතිඵලයක් විදියට කැන්ඩිට අලුත් කැමරාවක් අරන් දෙන්න කැන්ඩිගේ අම්මා කැන්ඩිට පොරොන්දු වුණා .ඔන්න ඉතින් ඉල්ලීම ඉෂ්ඨ කරන්න මෙදාපාර අයියා එනකොට කැමරාවක් අරන් එන්න පොරොන්දු වුණා.කැන්ඩිට Laptop එකක් ගේන්න අයියා සම්මාදම් වුන නිසා මේ පාර බර පැන දැරුවේ අම්මා තමයි.ඒත් අන්තිම මොහොතට කැන්ඩි කරගත්තු මෝඩ වැඩක් නිසා මේ තෑග්ග නොදී ඉන්නත් කැන්ඩිගේ අම්මා හැදුවා.පස්සේ ඉතින් බලවත් ඉල්ලීම පිට ආයෙත් මෝඩ වැඩ නොකරන පොරොන්දුව පිට පොඩි පහේ තරවටුවකුත් එක්ක මේක දුන්නා.
කැන්ඩිගේ මෝඩ වැඩක් කිව්වට මේක කැන්ඩිට වෙච්චි අකරතැබ්බයක්.කැන්ඩිගේ මතක අහුරෙන් නුදුරේදීම ඒක ඔයාලට දැන ගන්න ලැබෙයි.

මෙන්න අළුත් තෙවැනි ඇසෙන් පරණ තෙවැනි ඇස.

මේ තමයි මෙච්චර කල් ඔයාලට ලස්සන පින්තූර පෙන්නුව කැන්ඩිගේ පරණ තෙවැනි ඇස.
තව ඉදිරියටත් මේ ඇසේ පින්තූර ඔයගොල්ලන්ට පෙනෙයි ඒ මොකද කිව්වොත් කැන්ඩි ළඟ නිතරම ගැවසෙන්නේ පරණ තෙවැනි ඇසනේ..

















පරණ තෙවැනි ඇසෙන් ඇලුත් තෙවැනි ඇස.










ඉස්සර 3.2MP වෙච්චි කැන්ඩිගේ තෙවැනි ඇස දැන් 14.1MP ක්.
ඉතින් තව විස්තර මතුවට.

ආ මට කියන්න බැරි වුණා කැන්ඩිට තවත් තුන්වෙනි ඇසක් තිබුනා මීට කලින් ඒ Kodak KB12 එකක්.ඒ තුන් වෙනි ඇසත් ළඟදීම දවසක මම ඔයාලට පෙන්වන්නම්කෝ.කැන්ඩිගේ 14 වෙනි උපන්දිනයට උපන්දින තෑග්ගක් විදියට තමයි ඒක හම්බ වුනේ.Laptop එකත් එක්ක කැන්ඩිට අයියාගෙන් Scanner එකකුත් හම්බ වුන නිසා කැන්ඩිගේ මුල්ම තෙවැනි ඇසෙන් ගත්තු පින්තූර ටිකත් පස්සෙ හෙමිහිට පෙන්වන්නම්කෝ..

කැන්ඩිගේ තෙවැනි ඇස් ගැන ඔයාලගේ අදහසුත් කියන්නකෝ...

කැන්ඩි.......

3 comments:

දිල් said...

wow........ එහෙනම් කැන්ඩි පින්තූර අරගන්න පාවිච්චි කරන්නේ මේවා නේද?

නියමයි. කැමරා ගැන නම් වැඩි තේරුමක් දිල්ට නෑ.ඒත් කැන්ඩි ගන්න පින්තූර හරිම ලස්සනයි කියලා නම් දන්නවා

චතුර.... said...

@දිල් අක්කි...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........
බොහෝම ස්තූතියි මගේ පින්තූර අගය කරපු එක ගැන......

Pasindu@MHzDC said...

වැඩකාරයාට ඕනම Mega Pixel 1ක් ඔට්ටුයි...
නියමයි මගේ Congratulation...!!!

මමත් මේ දවස්වල Laptop 1ක් ලැබෙන්න කියලා පුදපුජා තියනවා...
බැරි උනොත් ව්ප්ලවයක් හරි කරනවා....

Post a Comment