Saturday, July 17, 2010

අමුතු හයවැන්න......

කොස්ගම රෝයල් ෆර්න්වුඩ් ආයතනට ක්ෂේත්‍ර චාරිකාවක්....



ඔන්න මගේ විභාගයත් දැන් ඉවරයි.
ඔන්න අදත් මම අළුත් යමක් ඔයගොල්ලන්ට පෙන්නන්න හිතුවා..
හැබැයි අදනම් මට ගොඩාක් විශ්වාසයි මේක බලලා මට මේකෙ වැදගත්ම දේ නැහැ කියලා බනිනවා කියලා.
ඒත් මොනව කරන්නද?..
මගේනේ වැරැද්ද........
මම අද පෙන්වන්න යන්නේ මගේ පළමු ව්‍යාපෘතියට කරුණු රැස් කරන්න ගිය වෙලාවේ ගත්ත ඡායාරූප ටිකක්................





































සැඟවුන කතාව..

තොරතුරු තාක්ෂණ්වේදී උපාධිය හදාරන ශිෂ්‍යයන් විදියට අපට අපගේ පළමු වසරේ පළමු වාරය සිංහලෙන් කියනවනම් 1st Semester එකේ පළමුවෙනි ව්‍යාපෘතිය විදියට කරන්න තිබුනේ යම්කිසි ආයතනයකට පරිඝනක පද්ධතියක් නිර්මාණය කරන්න.
මෙම ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කරන පරිඝනක පද්ධතියේ ගුණාත්මක භාවයට වඩා මෙම ව්‍යාපෘතියේදී සලකා බැළුවේ අපි ආයතනයක මෙහෙයුම් ගැන අධ්‍යයනය කර එම ආයතනයට පද්ධතියක් නිර්මාණය කිරීමේදී අප එයට යොදාගෙන ඇති විශ්ලේෂණ ක්‍රමයන් සහ අප නිර්මාණය කරන පද්ධතිය නිර්මාණයේදී අප යොදා ගත් සැලසුම් විධි පිළිබඳවයි.
එම නිසා මෙම පද්ධතිය නිර්මාණයේදී අපට එම ආයතනයට අවශ්‍ය කුමන පහසුකම් ඇති පද්ධතියක්ද යන්න තීරණය කිරීමට එය හොඳින් විශ්ලේෂණය කිරීම අත්‍යාවශ්‍ය විය.
තිදෙනෙකුගෙන් සැදුම්ලත් අප කණ්ඩායමට මුලින්ම පද්ධතියක් නිර්මාණය කිරීමට ආයතනයක් සොයා ගැනීමට අවශ්‍ය විය.
අප තිදෙනා මුලින් විවිධ ආයතන ගැන සොයා බැලුවත් අපට ආයතනයක් සොයා ගැනීම අපහසු විය.
අවසානයේ අප ව්‍යාපෘති කණ්ඩායම් නායක මගේ මිතුරා ඔහුගේ පියා සේවය කරන කොස්ගම පිහිටි රෝයල් ෆර්න්වුඩ් ආයතනය යෝජනා කළේය.
ඒ වනවිට ඔහු පියාගෙන් ඒ ගැන විමසීමක්ද කර තිබුනි.
ඔහු යෝජනා කළ පරිදි අප තිදෙනා එම සති අන්තයේදී කොස්ගම පිහිටි රෝයල් ෆර්න්වුඩ් ආයතනයට ගියෙමු.
මගේ මිතුරාගේ පියා එම ආයතනයේ සාමන්‍යාධිකාරිවරයා විය.
ඉතාම සුහද පුද්ගලයෙකු වූ ඔහු අප හා සුහද ලෙස කතා බහේ නිරත වී අපව සුහදව පිළි ගන්
නා ලදී.
ඉන්පසුව අපව එම ආයතනයේ කාර්යමණ්ඩලයට හඳුන්වා දෙන ලදී.
සුහද සංග්‍රහයකින් පසුව ඔහු විසින්ම අපව එම ආයතනය නැරඹීම සඳහා කැඳවාගෙන යන ලදී.
ආයතනය නැරඹීමෙන් අනතුරුව අපව ආයතනයේ පරිඝනක කටයුතු සම්බන්ධ අංශයට යොමු කරන ලදී.
ඊට පෙර අප මිතුරාගේ පියා අප හා පැවසුව පරිදි එම ආයතනයට අවශ්‍ය වූයේ එම ආයතනයේ අගනුවර පිහිටා ඇති මව්ශාඛාව වෙත එම ආයතනයේ දීර්ඝකලීන විදේශීය ගැනුම්කරුවන්ගෙන් ලැබෙන ඇනවුම් එකල සිදු කළ ආකාරයට කොස්ගම පිහිටි කර්මාන්ත ශාලාවට ලබාදීමේ ක්‍රමය නවතා එය පරිඝනක පද්ධතියකින් ආයතනයේ ඇති අමුද්‍රව්‍යයන් හා සසඳා බලා ආයතනයේ දැනට
ති නිමි භාන්ඩ සංඛ්‍යාව සමඟ සසඳා බලා ආයතනයට ඵලදායී ලෙස හා ආයතනයට පහසුදායක ලෙස ඇනවුම් භාර ගැනීමයි.
මෙම ආයතනයට විශාල වශයෙන් ඇනවුම් ලැබුනේ යුරෝපීය රටවල් හා ඇමරිකාව කැනඩාව වැනි රට වලිනි.
මෙතෙක් කල් ලැබුනු ඇනවුම් භාර අරගත් පසු ආයතනය ඒවා නිශ්පාදනය කරන ක්‍රියාවලිය ගැන පියවර ගෙන තිබුනේ ආයතනයේ මව් ශාඛාවේ නිලධාරීන් සතියේ දිනක කොස්ගම පිහිටි කර්මාන්ත ශාලාවට පැමිණ නිලමණ්ඩල රැස්වීමක් පැවැත්වීමෙනි.
මෙය ආයතනයට කාලය නාස්ති වුනු ක්‍රියාවලියක් විය.
ඒ මව් ශාඛාවේ නිලධාරීන් කොස්ගමට පැමිණීමට වෙලා ගත වීමත් එම නිලධාරීන් පැමිණෙනතුරු සමහර දිනවල නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව තීරණ ගැනීමට
නොහැකි වීමත් නිසාය.
අප නිර්මාණය කරන පද්ධතියෙන් හරියටම සිදුවිය යුතුව තිබුනේ මව්ශාඛාවෙන් ලබා දෙන ඇනවුම ආයතනයේ දැනට නිෂ්පාදනය වන ඇනවුම් වල තත්වය හා සසඳා බලා එම ඇනවුම් නිමවී ඇත්නම් නිමවූ භාණ්ඩ අතර තව කෙතරම් අතිරික්ත භාණ්ඩ ඉතිරිව ඇත්ද යන්න සොයා බලා ආයතනය තුල තව කෙතරම් අමුද්‍රව්‍යය කෙතරම් ඉතිරිව ඇත්ද යන්න සොයා බලා ඇනවුමට අදාල නිෂ්පාදන ක්‍රියාවලිය එම දිනට අදාලව සකස් කර දීමයි.
ආ ඔන්න කතාවෙන් ආපහු වෙන කොහෙවත්නෙ ගියේ..
මෙන්න හොඳම හරිය.
අපි ඉතින් මෙම ආයතනයට පරිගනක පද්ධතියක් නිර්මාණය කරන නිසා මෙම ආයතනයේ පරිඝනක අංශයේ ප්‍රධාන සේවකයාගෙන් විමසුවා ඔහුට මෙම ආයතනයේ දැනට ක්‍රියාකරමින් පවතින පද්ධතිය සමඟ ඔහුට ඇති ගැටළු.
මෙම පද්ධතිය යම් ප්‍රසිද්ධ
යතනයකින් හැම ආයතනයකටම ගැලපෙන ලෙස නිර්මාණය කරන ලද පැරණි පද්ධතියක්.
ඉතින් මොහු පැවසුව ගැටළු වලට සවන් දුන්නම අපි තුන් දෙනාටම මාර හිනා..........
මොහු පැවසූ ආකාරයට එම පද්ධතිය සම්බන්ධ ගැටළු මෙසේය.
1.දැනට ක්‍රියා කරවන පරිඝනක පද්ධතිය ක්‍රියා කරවීමට පැමිණෙන සේවක සේවිකාවන් ඉක්මනින් ආයතනයෙන් ඉවත් වී යාම .
2.ආයතනයට පරිඝනක ක්‍රියාකරවීමට පැමිණෙන සේවක සේවිකාවන් දැනට ආයතනයෙන් ලබාදෙන වේතනයට කැමැත්තක් නොදක්වන බව.
3.දැනට ආයතනයේ පවතින පරිඝනක නියමාකාරයෙන් ක්‍රියා නොකරන බව.
4.මෙතෙක් කල් ආයතනයේ සේවයට පැමිණි සේවක සේවිකාවන් පද්ධතියට දත්ත ඇතුලත් කිරීමේදී එය නියමාකාරයෙන් සිදු නොකළ බව.
5.දත්ත ඇතුලත් ක්‍රිරීමේදී පෙර කී සේවක සේව්කාවන් විසින් සිදු කළ දෝෂයන් නිසා ආයතනයට පාඩු සිදු වූ බව.
6. නැවත නැවත එම දත්තයන් පරිඝනකයට ඇතුලත් කිරීමට ඇතුලත් කිරීමට සිදු වීමෙන් කාලය බොහෝසේ අපතේ ගිය බව.
7.ආයතනයට පරිඝනක ක්‍රියාකරුවන් සඳහා පැමිණෙන සේවක සේවිකාවන් ආයතනයේ සේවය කරන්නේ බඳවාගැනීමේදී ගිවිසුම් අත්සන් කරනා කාලසීමාව තෙක් පමණක් වන බව.
8. එම සේවක සේවිකාවන් මෙමපවතින පද්ධතියට හුරුවීමට ගතවන කාලසීමාව වැඩි බවත් එම කාල සීමාව අවසන්වන විට එම සේවක සේවිකාවන්ආයතනයෙන් ඉවත්වීයන බවත්ය.
කෙටියෙන්ම කියනවානම් ඔහුට මෙම පරිඝනක පද්ධතියම ඉතාමත් හිසරදයක් විය.
මෙම පරිඝනක පද්ධතිය සඳහා දත්ත අතුලත් කිරීමට සේවක සේවිකාවන් බඳවා ගැනීමත් ඔවුන්ව පුහුණු කිරීමත් අවසානයේදී ඔවුන් ආයතනය හැර දමා වෙනත් ආයතනයක රැකියාවකට යාමත් ඔහුට මහත් වූ හිසරදයක් විය.
නව පරිඝනක පද්ධතියක් ආයතනයට හඳුන්වා දීමද ඔහුට ගැටළුවක් විය.
ඔහුගෙන් ගැටළු අසා දැන ගැනීම පසෙක තැබූ අප එම අංශයේ තිබූ පරිඝනක ක්‍රියාකරවා එම පරිඝනක පද්ධතිය හා එහි ගැටළු සොයා බලා ඒවා සටහන් කරගෙන අවශ්‍ය සියළුම දත්ත රැගෙන පැමිණියෙමු.
නමුත් බොහෝම ආදරයෙන් මතක් කරන්න ඕනේදෙයක් තමයි මෙම ආයතනයට ගිය මොහොතේ සිට අප ආපසු පැමිණීමට පිටත් වන මොහොත දක්වා සාමාන්‍යාධීකාරීවරයා වන මගේ මිතුරාගේ පියාගේ පටන් සුළු සේවකයන් දක්වා එම ආයතනයේ සේවක මඬුල්ල අප සමඟ ඉතාමත් සුහඳශීලී ලෙස කටයුතු කළ බව.
කෙසේ වෙතත් අවසානයේ ඉතා උසස් සාමාර්ථයකුත් සමඟ අපගේ ව්‍යාපෘතිය සමත් වීමු.
කර්මාන්තශාලාව ඇතුලේ මම ඡායාරූප ගත්තේ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි.
මම මුළු කර්මාන්තශාලාවම නැරඹීමේ ගමන සම්පූර්ණයෙන්ම වීඩියෝ ගත කළා..
නමුත් එහි මගේ මිතුරන් දෙදෙනා සිටින නිසා එම වීඩියෝපටයෙන් ඡායාරූප ගැනීම අපහසුයි.
නැත්නම් කර්මාන්තශාලාව තුල දර්ශන මීට වඩා පෙන්වන්න පුළුවනි.
මේ මුල් පින්තූර වල දැක්වෙන්නේ එම ආයතනය නිෂ්පාදනය කරන සමහර නිෂ්පාදන කිහිපයකි.
මෙම පින්තූර කර්මාන්ත ශාලාව ඇතුලත දර්ශන.
මෙම ඇතුලත දර්ශන තියෙන්නේ එනම් වර්ණගැන්වීමට ප්‍රථම නිමවුමයි.
ඉන්පසුව වර්ණගන්වා තව එක ඇති කිරීමට තවත් මිශ්‍රණයක බහා නැවත පුළුස්සා ගනු ලැබේ.
මෙම පුළුස්සා ගැනීමට පෙර මෙම භාණ්ඩ හඳුන්වන්නේ White Ware ලෙසය.
ඉන්පසු ඡායාරූපයේ මේ දක්නට ලැබෙන්නේ එම භාණ්ඩ පුළුස්සා ගන්නා උඳුනයි.
කර්මාන්තශාලාව තුල ගත්තු තව පින්තූර තිබුනොත් ඉදිරි Post එකකින් මම පෙන්වන්නම්.

පින්තූර බලල Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.............

කැන්ඩි.......

2 comments:

හා පැටික්කි (MS) said...

හ්ම්ම්..............
පින්තූර වලින් වගේම ඔයාගේ කතාවෙනුත් ගොඩක් දේවල් දැනගත්ත........

චතුර.... said...

@ හා පැටික්කි..

හැමදාම වගේ අදත් මේ පැත්තේ ආවට ස්තූතියි.........

Post a Comment