ප්‍රංශ බැදුම්-01...
අද මම පෙන්වන්න යන්නේ තරමක වෙනස් දෙයක් ඒ වුනාට මේකෙ ඒ තරම්ම වෙනසක් නැහැ කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන් .නමුත් මේක 100%ක්ම ශ්‍රීලාංකීය දෙයක් නිසා මේක අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ කියලා මම හිතනව.ඡායාරූප රාශියක් තියෙන නිසා මම හිතුවා මේක කොටස් දෙකකින් ඔබ වෙත ගෙන එන්නට.
සති අන්තයට කොහෙ හරි ගියාම හපන එහෙමත් නැත්නම් සමහර විට ගෙදර නිකන් ඉන්න වෙලාවටත් හප හප ඉන්න අල කූරු එහෙම නැත්නම් ඔන්න මව් භාෂාවෙන් කියනවනම් French Fries එහෙමත් නැත්නම් කැන්ඩිගෙ භාෂාවෙන් කියනවනම් ප්‍රංශ බැදුම් ඔය ගොල්ල දැකලා ඇතිනෙ නේද?.ඉතින් මම අදපෙන්වන්න යන්නේ මේ අල කූරු නිෂ්පාදනය කරන විදියයි.
ශ්‍රීලංකාවේ දනට අලෙවි කරන මෙම නිෂ්පාදන සියල්ලම පාහේ විදේශයන් වල නිෂ්පාදිතයන්ය.ඒ නිසා ලාංකිකයන් වන අපට මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ඉතා අධික පිරිවැයක් දැරීමට සිදු වේ.එම නිසා මෙම අහාර වර්ග ශ්‍රීලංකාවේ නිෂ්පාදනය කිරීම මඟින් රටේ මුදල් රට තුළම ඉතිරිවනවා සේම දේශීය නිෂ්පාදකයෙක් වෙත එම විදේශයන්ට ඇදී ගිය මුදල් ළඟා වේ.අල අඩු වියදමකින් ලබා ගැනීමට පහසුවන පරිදි මෙම නිෂ්පාදන ආයතනය පිහිටා තිබෙන්නේ තරමක දුර බැහැරය.
මෙම පළමු ඡායාරූප කිහිපයෙන් දැක්වෙනේ සෝදා ගත් අල වල පොත්ත සූරා ගැනීම සඳහා භාවිතා කරන යන්ත්රයයි.මෙහි ඇතිලත බිත්තිය ඉතා රළු අමුද්‍රව්‍යයකින් නිමවා ඇති නිසා මෙම යන්ත්‍රය තුලදී අලයේ පොත්ත සීරී ඉවත්වීම සිදු වේ.
මෙය නැවත වරක් ඉතිරි වූ පොතු සියල්ල සූරා හැර සෝදා ගනු ලැබේ.
ඉන්පසු සිදු කරනු ලබන්නේ මෙම අල එහෙම නැත්නම් අර්තාපල් කූරු ආකාරයට සකසා ගැනීමය.එය ඉහත දක්වා ඇති උපකරණය මඟින් සිදු කරගනු ලබයි.
මෙම උපකරණයකට එකවර අලයක් බැගින් දමමින් මෙම ක්‍රියාව සිදු කරනු ලබයි.
මෙසේ කූරු කර ගන්නා අල ඉන්පසුව මිනිත්තු දෙකක් එක හමාරක් පමණ නැටීමට ආසන්න උෂ්ණත්වයේ ඇති වතුරේ බහා ලයි.එය සිදු කරන්නේ ඉහත දක්වා ඇති උපකරණ සහ යන්ත්‍ර උපයෝගී කරගෙනය.
ප්‍රංශ බැදුම් දෙවැන්නත් සමඟ හමු වෙමු.
කැන්ඩි.....
8 comments:
මට දෙනව කිව්ව මෙව්ව පැකට් එක උබ තනියම කෑවා නේද?
ඉක්මනට ලියන්න......
අල ටික නරක් වෙයි නැත්නම්........ ;)
මේ අයියල බලන්න ගියාද?????
@ ටී...
හික්zzz..
උඹට දුන්නනම් මට කන්න ආයෙ අහසින් පාත් වෙනව කියලයැ?
අනික එදා අර කිව්වා වගේ රාත්‍රී 8 දර්ශනයවත් දැම්මා නම් තව කෑල්ලක් දෙකක් දෙන්න තිබුනා...
@ හා පැටික්කි
ඒකනේ නේද අල ටික නරක් වුනොත් එහෙම..
වැඩි විස්තර දෙවන කොටසෙන්.....
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි.
හෙට වෙනකන් ඉන්නකෝ අලටික කුණුවෙන එකක් නෑ මයෙ හිතෙ...
ymmmm........:))
@ හේමලයා
ymmmmmmmmmmmmmmm...=)=)=)=)
මේ පැත්තේ ආවට ස්තූතියි....
එලකිරි මචෝ! කටට කෙළත් උනනවා...
prekshakayo awata naluwa awith hitiye na ne. :D
mokada uba saddayak natte?
@ ගඩොල්
මේ පැත්තේ ආවට ස්තූතියි
@ ටී
සද්ද කරන්න මම Online ආවේ නැත ......
දුන් ප්‍රෙක්ෂක පොරොන්දු ඉටු කිරීමට නලු බට්ටන් වග බලා ගත යුතුය....
හික්zzzzzzzzzzzzzzzzzz...
Post a Comment