Showing posts with label කාර්මික... Show all posts
Showing posts with label කාර්මික... Show all posts

Friday, August 27, 2010

ඉතිරි වුන එකොලොස්වැන්නත් සමඟින්....

ප්‍රංශ බැදුම් -02


ප්‍රංශ බැදුම්-01 කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න.

සැඟවුන කතාව...

ඔන්න ඉතින් ප්‍රංශ බැදුම් එක නවත්වපු තැනින් මම නැවතත් පටන් ගන්න හිතුවා.


ඔහොම විනාඩි දෙකක් විතර නටන වතුරෙ දාලා තිබුණ අල ටික එකෙන් අරන් පොඩ්ඩක් තෙත ගතිය අඩු වෙනකන් පොඩි දැල්වලින් තැනූ පෙරණයක තබනවා.ඉන්පසුව නැවත මෙම අල රත් වූ එළවළු තෙල් වල විනාඩි දෙකක් පමණ පිස ගන්නවා.ඉන්පසු මෙම අල නවතත් තෙල් බේරෙන තෙක් පෙර කී පරිදිම දැල් පෙරහනක තබා තෙල් ඉවත් වූ පසු (තෙල් ඉවත් වීමට තබන්නේ විනාඩි හතරක පහක පමණ කාලයකි )විශේෂයෙන් සකස් කරන ලද අධි ශීතකරණයක විනාඩි විස්සක පමණ කාලයක් තබා ගැනේ.මෙම අධි ශීතකරණය තුළ උශ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හතලිහක පමණ වේ.විනාඩි විස්සක් තුල ඉතාමත් අඩු උෂ්ණත්වයකට මෙම අල පත් කිරීම මෙහි අරමුණයි.

ඉන් පසුව මෙම විනාඩි විස්ස ඉවර වූ සැනින් මෙම අල එම අධිශීතකරණයෙන් ඉවතට ගෙන ඇසුරුම් කර නැවත සාමාන්‍ය අලෙවිසැල් වල භාවිතා වන අධිශීතකරනයක ගබඩා කිරීම සිදු කරයි.

























ඉන්පසු මෙම අර්තාපල් කූරු එහෙමත් නැත්නම් කැන්ඩිගේ භාෂාවෙන් නම් ප්‍රංශ බැදුම් වෙළඳපල කරා බෙදා හැරීම සිදුකරයී. ඒ සඳහා විශේෂයෙන් සකසන ලද ශීතකරණ පහසුකම් සහිත රථ වාහන මෙයට යොදා ගනියි.

මෙම අර්තාපල් කූරු ඉන්පසු පරිභෝජනය සඳහා සකසා ගැනීමට කළයුතු වන්නේ අධිශීතකරණයෙන් ගත් විගසම උණුතෙලෙන් රන්වන් පැහයවන තෙක් බැද ගැනීමයි.

මෙම කර්මාන්තයේදී අල කිසිම දෙයක් අපතේ යාමක් සිදුවන්නේ නැත.ඉතිරිවන සියළුම අල කොටස් පොත්තද ඇතුළුව සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගනියි.තවත් අත්‍යාවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ වර්ණය වෙනස් වීම වැලකීම සඳහාවත්,කල් තබා ගැනීම සඳහාවත් මෙම නිෂ්පාදනයේ කිසියම් ම හෝ නිෂ්පාදන අධියරයකදී මෙම නිෂ්පාදනයට කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවය .එම නිසා කිසිම ආකාරයකින් මෙම අල පරිභෝජනය ගැනීම සඳහා බිය විය යුතු නැත.

මෙම නිෂ්පාදනය දැනට වෙලඳ පොළේ දක්නට ලැබෙන්නේ සුපිරි අලෙවිසල් වල පමණකි.ඒ මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයවන විදේශීය නිෂ්පාදන මෙරට අලෙවි වීම වැලැක්වීම මූලික අරමුණ කරගෙනය.

මෙම විදේශීය නිෂ්පාදන සමහරක් නිපදවන්නේ ස්වභාවික අර්තාපල් පිටි බවට පත්කර එම අර්තාපල් පිෂ්ඨයට විවිධ රසකාරක රසායන ද්‍රව්‍ය එක් කිරීම මඟින්ය.එම නිසා මෙම නිෂ්පාදන පරිභෝජනයේදී අප විසින් සැලකිලිමත් විය යුතුය.

දැනට කීල්ස් ආයතනය එම ආයතනය විසින් කටයුතු කරගෙනයන ආකාරයේ දේශීය වෙළඳපල දියුණු කිරීම මුල්කරගෙන දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ක්‍රියා පටිපාටිය යටතේ මෙම නිෂ්පාදන මිලදී ගනු ලබයි.තවද අනෙකුත් සුපිරි වෙළඳ සැල්ද මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කරයි.

ඔන්න ඉතින් දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති මම කොහොමද මේ ඔක්කොම දෙවල් දන්නේ කියලා.මේ ආයතනය මගේ සහෝදරයාගේ ව්‍යාපාරයක් ඔන්න ඉතින් ඒක නිසයි මම මේක ගැන වැඩි විස්තර හෙම දැන ගත්තේ.හිමිකරු දන්නවානම් මම මේවා බ්ලොගයක දැම්ම කියලා මම ඉතින් ගස් තමා.හික්ස්.(කවුරුවත් එහෙම අල කූරු හදන්න ගන්නවා හෙම නෙවෙයි ඔන්න )

මෙය හුදෙක්ම දැනුම සහ ඡායාරූප ඔබ සමඟ බෙදා ගැනීමට පළ කළ බවද,මෙය අයියා වෙනුවෙන් මල්ලී කඩේ යාමක් නොවන බවද,මුදල් ගෙවා හෝ නොගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවන බවද කරුණාවෙන් සලකන්න.

කැන්ඩි.......

අපේම අපේ දසවැන්නත් සමඟින්.....


ප්‍රංශ බැදුම්-01...

අද මම පෙන්වන්න යන්නේ තරමක වෙනස් දෙයක් ඒ වුනාට මේකෙ ඒ තරම්ම වෙනසක් නැහැ කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන් .නමුත් මේක 100%ක්ම ශ්‍රීලාංකීය දෙයක් නිසා මේක අනිවාර්‍යයෙන්ම පෙන්වන්න ඕනේ කියලා මම හිතනව.ඡායාරූප රාශියක් තියෙන නිසා මම හිතුවා මේක කොටස් දෙකකින් ඔබ වෙත ගෙන එන්නට.

සති අන්තයට කොහෙ හරි ගියාම හපන එහෙමත් නැත්නම් සමහර විට ගෙදර නිකන් ඉන්න වෙලාවටත් හප හප ඉන්න අල කූරු එහෙම නැත්නම් ඔන්න මව් භාෂාවෙන් කියනවනම් French Fries එහෙමත් නැත්නම් කැන්ඩිගෙ භාෂාවෙන් කියනවනම් ප්‍රංශ බැදුම් ඔය ගොල්ල දැකලා ඇතිනෙ නේද?.ඉතින් මම අදපෙන්වන්න යන්නේ මේ අල කූරු නිෂ්පාදනය කරන විදියයි.

ශ්‍රීලංකාවේ දනට අලෙවි කරන මෙම නිෂ්පාදන සියල්ලම පාහේ විදේශයන් වල නිෂ්පාදිතයන්ය.ඒ නිසා ලාංකිකයන් වන අපට මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ඉතා අධික පිරිවැයක් දැරීමට සිදු වේ.එම නිසා මෙම අහාර වර්ග ශ්‍රීලංකාවේ නිෂ්පාදනය කිරීම මඟින් රටේ මුදල් රට තුළම ඉතිරිවනවා සේම දේශීය නිෂ්පාදකයෙක් වෙත එම විදේශයන්ට ඇදී ගිය මුදල් ළඟා වේ.අල අඩු වියදමකින් ලබා ගැනීමට පහසුවන පරිදි මෙම නිෂ්පාදන ආයතනය පිහිටා තිබෙන්නේ තරමක දුර බැහැරය.














මෙම පළමු ඡායාරූප කිහිපයෙන් දැක්වෙනේ සෝදා ගත් අල වල පොත්ත සූරා ගැනීම සඳහා භාවිතා කරන යන්ත්‍රයයි.මෙහි ඇතිලත බිත්තිය ඉතා රළු අමුද්‍රව්‍යයකින් නිමවා ඇති නිසා මෙම යන්ත්‍රය තුලදී අලයේ පොත්ත සීරී ඉවත්වීම සිදු වේ.








මෙය නැවත වරක් ඉතිරි වූ පොතු සියල්ල සූරා හැර සෝදා ගනු ලැබේ.








ඉන්පසු සිදු කරනු ලබන්නේ මෙම අල එහෙම නැත්නම් අර්තාපල් කූරු ආකාරයට සකසා ගැනීමය.එය ඉහත දක්වා ඇති උපකරණය මඟින් සිදු කරගනු ලබයි.
මෙම උපකරණයකට එකවර අලයක් බැගින් දමමින් මෙම ක්‍රියාව සිදු කරනු ලබයි.









මෙසේ කූරු කර ගන්නා අල ඉන්පසුව මිනිත්තු දෙකක් එක හමාරක් පමණ නැටීමට ආසන්න උෂ්ණත්වයේ ඇති වතුරේ බහා ලයි.එය සිදු කරන්නේ ඉහත දක්වා ඇති උපකරණ සහ යන්ත්‍ර උපයෝගී කරගෙනය.

ප්‍රංශ බැදුම් දෙවැන්නත් සමඟ හමු වෙමු.

කැන්ඩි.....

Saturday, July 17, 2010

අමුතු හයවැන්න......

කොස්ගම රෝයල් ෆර්න්වුඩ් ආයතනට ක්ෂේත්‍ර චාරිකාවක්....



ඔන්න මගේ විභාගයත් දැන් ඉවරයි.
ඔන්න අදත් මම අළුත් යමක් ඔයගොල්ලන්ට පෙන්නන්න හිතුවා..
හැබැයි අදනම් මට ගොඩාක් විශ්වාසයි මේක බලලා මට මේකෙ වැදගත්ම දේ නැහැ කියලා බනිනවා කියලා.
ඒත් මොනව කරන්නද?..
මගේනේ වැරැද්ද........
මම අද පෙන්වන්න යන්නේ මගේ පළමු ව්‍යාපෘතියට කරුණු රැස් කරන්න ගිය වෙලාවේ ගත්ත ඡායාරූප ටිකක්................





































සැඟවුන කතාව..

තොරතුරු තාක්ෂණ්වේදී උපාධිය හදාරන ශිෂ්‍යයන් විදියට අපට අපගේ පළමු වසරේ පළමු වාරය සිංහලෙන් කියනවනම් 1st Semester එකේ පළමුවෙනි ව්‍යාපෘතිය විදියට කරන්න තිබුනේ යම්කිසි ආයතනයකට පරිඝනක පද්ධතියක් නිර්මාණය කරන්න.
මෙම ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කරන පරිඝනක පද්ධතියේ ගුණාත්මක භාවයට වඩා මෙම ව්‍යාපෘතියේදී සලකා බැළුවේ අපි ආයතනයක මෙහෙයුම් ගැන අධ්‍යයනය කර එම ආයතනයට පද්ධතියක් නිර්මාණය කිරීමේදී අප එයට යොදාගෙන ඇති විශ්ලේෂණ ක්‍රමයන් සහ අප නිර්මාණය කරන පද්ධතිය නිර්මාණයේදී අප යොදා ගත් සැලසුම් විධි පිළිබඳවයි.
එම නිසා මෙම පද්ධතිය නිර්මාණයේදී අපට එම ආයතනයට අවශ්‍ය කුමන පහසුකම් ඇති පද්ධතියක්ද යන්න තීරණය කිරීමට එය හොඳින් විශ්ලේෂණය කිරීම අත්‍යාවශ්‍ය විය.
තිදෙනෙකුගෙන් සැදුම්ලත් අප කණ්ඩායමට මුලින්ම පද්ධතියක් නිර්මාණය කිරීමට ආයතනයක් සොයා ගැනීමට අවශ්‍ය විය.
අප තිදෙනා මුලින් විවිධ ආයතන ගැන සොයා බැලුවත් අපට ආයතනයක් සොයා ගැනීම අපහසු විය.
අවසානයේ අප ව්‍යාපෘති කණ්ඩායම් නායක මගේ මිතුරා ඔහුගේ පියා සේවය කරන කොස්ගම පිහිටි රෝයල් ෆර්න්වුඩ් ආයතනය යෝජනා කළේය.
ඒ වනවිට ඔහු පියාගෙන් ඒ ගැන විමසීමක්ද කර තිබුනි.
ඔහු යෝජනා කළ පරිදි අප තිදෙනා එම සති අන්තයේදී කොස්ගම පිහිටි රෝයල් ෆර්න්වුඩ් ආයතනයට ගියෙමු.
මගේ මිතුරාගේ පියා එම ආයතනයේ සාමන්‍යාධිකාරිවරයා විය.
ඉතාම සුහද පුද්ගලයෙකු වූ ඔහු අප හා සුහද ලෙස කතා බහේ නිරත වී අපව සුහදව පිළි ගන්
නා ලදී.
ඉන්පසුව අපව එම ආයතනයේ කාර්යමණ්ඩලයට හඳුන්වා දෙන ලදී.
සුහද සංග්‍රහයකින් පසුව ඔහු විසින්ම අපව එම ආයතනය නැරඹීම සඳහා කැඳවාගෙන යන ලදී.
ආයතනය නැරඹීමෙන් අනතුරුව අපව ආයතනයේ පරිඝනක කටයුතු සම්බන්ධ අංශයට යොමු කරන ලදී.
ඊට පෙර අප මිතුරාගේ පියා අප හා පැවසුව පරිදි එම ආයතනයට අවශ්‍ය වූයේ එම ආයතනයේ අගනුවර පිහිටා ඇති මව්ශාඛාව වෙත එම ආයතනයේ දීර්ඝකලීන විදේශීය ගැනුම්කරුවන්ගෙන් ලැබෙන ඇනවුම් එකල සිදු කළ ආකාරයට කොස්ගම පිහිටි කර්මාන්ත ශාලාවට ලබාදීමේ ක්‍රමය නවතා එය පරිඝනක පද්ධතියකින් ආයතනයේ ඇති අමුද්‍රව්‍යයන් හා සසඳා බලා ආයතනයේ දැනට
ති නිමි භාන්ඩ සංඛ්‍යාව සමඟ සසඳා බලා ආයතනයට ඵලදායී ලෙස හා ආයතනයට පහසුදායක ලෙස ඇනවුම් භාර ගැනීමයි.
මෙම ආයතනයට විශාල වශයෙන් ඇනවුම් ලැබුනේ යුරෝපීය රටවල් හා ඇමරිකාව කැනඩාව වැනි රට වලිනි.
මෙතෙක් කල් ලැබුනු ඇනවුම් භාර අරගත් පසු ආයතනය ඒවා නිශ්පාදනය කරන ක්‍රියාවලිය ගැන පියවර ගෙන තිබුනේ ආයතනයේ මව් ශාඛාවේ නිලධාරීන් සතියේ දිනක කොස්ගම පිහිටි කර්මාන්ත ශාලාවට පැමිණ නිලමණ්ඩල රැස්වීමක් පැවැත්වීමෙනි.
මෙය ආයතනයට කාලය නාස්ති වුනු ක්‍රියාවලියක් විය.
ඒ මව් ශාඛාවේ නිලධාරීන් කොස්ගමට පැමිණීමට වෙලා ගත වීමත් එම නිලධාරීන් පැමිණෙනතුරු සමහර දිනවල නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව තීරණ ගැනීමට
නොහැකි වීමත් නිසාය.
අප නිර්මාණය කරන පද්ධතියෙන් හරියටම සිදුවිය යුතුව තිබුනේ මව්ශාඛාවෙන් ලබා දෙන ඇනවුම ආයතනයේ දැනට නිෂ්පාදනය වන ඇනවුම් වල තත්වය හා සසඳා බලා එම ඇනවුම් නිමවී ඇත්නම් නිමවූ භාණ්ඩ අතර තව කෙතරම් අතිරික්ත භාණ්ඩ ඉතිරිව ඇත්ද යන්න සොයා බලා ආයතනය තුල තව කෙතරම් අමුද්‍රව්‍යය කෙතරම් ඉතිරිව ඇත්ද යන්න සොයා බලා ඇනවුමට අදාල නිෂ්පාදන ක්‍රියාවලිය එම දිනට අදාලව සකස් කර දීමයි.
ආ ඔන්න කතාවෙන් ආපහු වෙන කොහෙවත්නෙ ගියේ..
මෙන්න හොඳම හරිය.
අපි ඉතින් මෙම ආයතනයට පරිගනක පද්ධතියක් නිර්මාණය කරන නිසා මෙම ආයතනයේ පරිඝනක අංශයේ ප්‍රධාන සේවකයාගෙන් විමසුවා ඔහුට මෙම ආයතනයේ දැනට ක්‍රියාකරමින් පවතින පද්ධතිය සමඟ ඔහුට ඇති ගැටළු.
මෙම පද්ධතිය යම් ප්‍රසිද්ධ
යතනයකින් හැම ආයතනයකටම ගැලපෙන ලෙස නිර්මාණය කරන ලද පැරණි පද්ධතියක්.
ඉතින් මොහු පැවසුව ගැටළු වලට සවන් දුන්නම අපි තුන් දෙනාටම මාර හිනා..........
මොහු පැවසූ ආකාරයට එම පද්ධතිය සම්බන්ධ ගැටළු මෙසේය.
1.දැනට ක්‍රියා කරවන පරිඝනක පද්ධතිය ක්‍රියා කරවීමට පැමිණෙන සේවක සේවිකාවන් ඉක්මනින් ආයතනයෙන් ඉවත් වී යාම .
2.ආයතනයට පරිඝනක ක්‍රියාකරවීමට පැමිණෙන සේවක සේවිකාවන් දැනට ආයතනයෙන් ලබාදෙන වේතනයට කැමැත්තක් නොදක්වන බව.
3.දැනට ආයතනයේ පවතින පරිඝනක නියමාකාරයෙන් ක්‍රියා නොකරන බව.
4.මෙතෙක් කල් ආයතනයේ සේවයට පැමිණි සේවක සේවිකාවන් පද්ධතියට දත්ත ඇතුලත් කිරීමේදී එය නියමාකාරයෙන් සිදු නොකළ බව.
5.දත්ත ඇතුලත් ක්‍රිරීමේදී පෙර කී සේවක සේව්කාවන් විසින් සිදු කළ දෝෂයන් නිසා ආයතනයට පාඩු සිදු වූ බව.
6. නැවත නැවත එම දත්තයන් පරිඝනකයට ඇතුලත් කිරීමට ඇතුලත් කිරීමට සිදු වීමෙන් කාලය බොහෝසේ අපතේ ගිය බව.
7.ආයතනයට පරිඝනක ක්‍රියාකරුවන් සඳහා පැමිණෙන සේවක සේවිකාවන් ආයතනයේ සේවය කරන්නේ බඳවාගැනීමේදී ගිවිසුම් අත්සන් කරනා කාලසීමාව තෙක් පමණක් වන බව.
8. එම සේවක සේවිකාවන් මෙමපවතින පද්ධතියට හුරුවීමට ගතවන කාලසීමාව වැඩි බවත් එම කාල සීමාව අවසන්වන විට එම සේවක සේවිකාවන්ආයතනයෙන් ඉවත්වීයන බවත්ය.
කෙටියෙන්ම කියනවානම් ඔහුට මෙම පරිඝනක පද්ධතියම ඉතාමත් හිසරදයක් විය.
මෙම පරිඝනක පද්ධතිය සඳහා දත්ත අතුලත් කිරීමට සේවක සේවිකාවන් බඳවා ගැනීමත් ඔවුන්ව පුහුණු කිරීමත් අවසානයේදී ඔවුන් ආයතනය හැර දමා වෙනත් ආයතනයක රැකියාවකට යාමත් ඔහුට මහත් වූ හිසරදයක් විය.
නව පරිඝනක පද්ධතියක් ආයතනයට හඳුන්වා දීමද ඔහුට ගැටළුවක් විය.
ඔහුගෙන් ගැටළු අසා දැන ගැනීම පසෙක තැබූ අප එම අංශයේ තිබූ පරිඝනක ක්‍රියාකරවා එම පරිඝනක පද්ධතිය හා එහි ගැටළු සොයා බලා ඒවා සටහන් කරගෙන අවශ්‍ය සියළුම දත්ත රැගෙන පැමිණියෙමු.
නමුත් බොහෝම ආදරයෙන් මතක් කරන්න ඕනේදෙයක් තමයි මෙම ආයතනයට ගිය මොහොතේ සිට අප ආපසු පැමිණීමට පිටත් වන මොහොත දක්වා සාමාන්‍යාධීකාරීවරයා වන මගේ මිතුරාගේ පියාගේ පටන් සුළු සේවකයන් දක්වා එම ආයතනයේ සේවක මඬුල්ල අප සමඟ ඉතාමත් සුහඳශීලී ලෙස කටයුතු කළ බව.
කෙසේ වෙතත් අවසානයේ ඉතා උසස් සාමාර්ථයකුත් සමඟ අපගේ ව්‍යාපෘතිය සමත් වීමු.
කර්මාන්තශාලාව ඇතුලේ මම ඡායාරූප ගත්තේ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි.
මම මුළු කර්මාන්තශාලාවම නැරඹීමේ ගමන සම්පූර්ණයෙන්ම වීඩියෝ ගත කළා..
නමුත් එහි මගේ මිතුරන් දෙදෙනා සිටින නිසා එම වීඩියෝපටයෙන් ඡායාරූප ගැනීම අපහසුයි.
නැත්නම් කර්මාන්තශාලාව තුල දර්ශන මීට වඩා පෙන්වන්න පුළුවනි.
මේ මුල් පින්තූර වල දැක්වෙන්නේ එම ආයතනය නිෂ්පාදනය කරන සමහර නිෂ්පාදන කිහිපයකි.
මෙම පින්තූර කර්මාන්ත ශාලාව ඇතුලත දර්ශන.
මෙම ඇතුලත දර්ශන තියෙන්නේ එනම් වර්ණගැන්වීමට ප්‍රථම නිමවුමයි.
ඉන්පසුව වර්ණගන්වා තව එක ඇති කිරීමට තවත් මිශ්‍රණයක බහා නැවත පුළුස්සා ගනු ලැබේ.
මෙම පුළුස්සා ගැනීමට පෙර මෙම භාණ්ඩ හඳුන්වන්නේ White Ware ලෙසය.
ඉන්පසු ඡායාරූපයේ මේ දක්නට ලැබෙන්නේ එම භාණ්ඩ පුළුස්සා ගන්නා උඳුනයි.
කර්මාන්තශාලාව තුල ගත්තු තව පින්තූර තිබුනොත් ඉදිරි Post එකකින් මම පෙන්වන්නම්.

පින්තූර බලල Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.............

කැන්ඩි.......