Showing posts with label ස්වභාවික... Show all posts
Showing posts with label ස්වභාවික... Show all posts

Wednesday, August 10, 2011

නිමේෂය....













නිමේශයකින් සිදුවන වෙනස්වීම 

නිමේෂයක් තුල අප දකින දේ කොයිතරම් වෙනසකට බඳුන් වනවාද ..?

හවස් වරුවක අස බලන් ඉඳපු මගේ තෙවැනි ඇසට හසු වූ දසුන් පෙළක්..

චතුර....


Sunday, December 5, 2010

හෝයා හෙවත් ඉටිමල්....

කාලයකින් බ්ලොගය පැත්තේ ගොඩවදින්න බැරිවීම ගැන මගේ බලවත් කනගාටුව..






















අද කැන්ඩිගේ ඇසින් දකින්න ලැබුනේ ටිකක් දකින්න අපහසු එහෙත් ඉතාමත් අලංකාර මල් හට ගන්නා ශාකයක මල්.බොහොමයක් දෙනෙක් මෙම ශාඛය හඳුනන්නේ ඉටි මල් ශාකය යනුවෙනි.මෙය ධාරක ශාකයක එතී වැවෙන ශාකයකි.හෝයා ශාකය විශේෂයන් දෙතුන් සියයක් පමණ අඩංගුවන ශාක පවුලට අයත්වන නිවර්තන කලාපීය එතී වැඩෙන ශාකයකි.මෙම ශාක විශේෂය නැගෙනහිර ඉන්දියාව දකුනු චීනය හා ඕස්ට්‍රේලියාව නිජබිම් කරගෙන වැවෙන ශාකයකි.ලංකාවේ මෙම ශාකය ඉටිමල් යන නාමයෙන් හඳුන්වනු ලබයි.මෙම ඝනය උද්භිද විද්‍යාඥ රොබට් බ්‍රවුන් විසින් ඔහුගේ මිතුරකු වන උද්භිද විද්‍යාඥ තෝමස් හෝ සිහිවීම පිණිස නාමකරණය කරන ලදී.

ශාකය ගැන කෙටියෙන්

පත්‍ර

මෙම ශාකයේ පත්‍ර හැඩයෙන්ද ප්‍රමාණයෙන්ද පත්‍රස්වභාවයෙන්ද එක් එක විශේෂය අනික් විෂේශයෙන් වෙනස් වෙයි.මෙම ශාකයේ විවිධ විශේෂ විවිධ පත්‍ර ප්‍රමාණයන් දරයි.පත්‍ර සෙන්ටිමීටර් දෙකක් පමණ වන දිගක සිට සෙන්ටිමීටර විසිපහකපමණ දිගක් දක්වා විය හැක.සමහර විශේෂයන්හි රවුම් පත්‍ර මෙන්ම සමහර විශේෂයන්හි දිගැටිපත්‍රද දැකිය හැක.සමහර විශේෂයන්හි රිදී පැහැති පුල්ලි සහිත්වද පත්‍ර දැකිය හැක.සමහර පත්‍ර සිනිදු දිලිසෙනසුළු ස්වභාවයක් ගන්න අතර සමහර පත්‍ර වල රෝම දැකිය හැක.

මල්

මෙම ශාකයේ විවිධ විශේශයන්හි මල්ද විවිධ විශේෂයන්හි පත්‍ර මෙන් එකිනෙකාට වෙනස් ලක්ෂණ දරයි.නමුත් සියළුම විශේෂයන්හි මල් ත්‍රිකෝණාකාර පෙතිපහක් සහිත මල්වේ.සාමාන්‍යයෙන් මලක විශ්කම්භය මිලිමීටර දෙකක් තුනක් පමණ අගයක සිට අඟල් දෙකක් තුනක අගයක් දක්වා වෙනස් විය හැක.සමහර මල් ඉතා දීප්තිමත් වන අතර සමහර මල්පෙති වල කුඩා රෝම වැනි දේ දැකිය හැක.මල් විවිධ වර්ණයන්ගෙන් දැක ගත හැක.සුදු රෝස සහ කහ වර්ණයන්ගෙන් මෙන්ම මැරූන් දුඹුරු සහ අඳුරු වර්ණ සහිත මල් හට ගන්න විශේෂයන්ද දැක ගත හැක.මෙම මල් හට ගන්නේ පුෂ්ප මංජරියක වන අතර පුෂ්ප මංජරියක මල් සංඛ්‍යාව එකේ සිට පනස්පහක් අතර සංඛ්‍යාවක් දක්වා වෙනස් විය හැක.

අද මේ කැන්ඩිගේ ඇසෙන් දකින්න ලැබුන ඉටිමල් කැන්ඩිගේ නැන්දාගේ මල් එකතුවෙන් කැන්ඩි ඡායාරූප ගත කරන ලද ඒවාය.

කැන්ඩි....


Monday, June 28, 2010

ඔබ නුදුටු පස්වැන්න...........

පර්ණාංග හෙවත් මීවන ජන්මාණු ශාඛය.


මට මේ දවස් ටිකේ විභාගය තිබුණ නිසා ටිකක් මේ පැත්තේ එන්න ලැබුනේ නැහැ.
ඒක නිසා අළුත් post එකක් ලියන්නත් බැරිවුණා.
මුලින්ම ඒකට සමාවෙන්න කියල කිව්ව ඔන්න.
විභාගය නම් තවම ඉවර නෑ..
ඒත් මට අළුත් පොස්ට් එකක් ලියන්න හිතුනා.
මේක ඉවර වෙනකම් තව සති දෙකක් ගෙදරට වෙලා ඉන්නත් ඕනිනේ.
මේ ඡායාරූප ටික මම ගත්තේ බොහොම අමාරුවෙන්
මොකද මේ වගේ දෙයක් ඡායාරූප ගත කරන්න තරම්
මගේ කැමරාවේ විශාලන බලය ප්‍රමාණවත් නැහැ.
හැබැයි මීට ව්ඩා හොඳ පින්තූර ටිකක් ළඟදීම පෙන්නනවා කියල පොරොන්දු වෙනවා.




























සැඟවුන කතාව.....
බොහොම දෙනෙක් මේ ඡායාරූපවල තිබෙන ශාඛය දැකල තියෙනව ඇති.
නමුත් මේ මොකක්ද කියල නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති.
උසස්පෙළට ජීව විද්‍යාව විෂයක් විදියට හැදෑරුව කෙනෙක් නම් මේක මොකක්ද කියල දන්නවා ඇති.
මේක තමයි පර්ණාංග ශාඛ වල ජන්මානු ශාකය.
ඔන්න දැන් නම් ටිකක් පැටලිලි සහගත ඇති.
ඉන්නකෝ මම මේකෙ ජීව විද්‍යාත්මක විස්තර ටික කියන්න.
ජීව විද්‍යාවේදී ජීවින් අධ්‍යයනය පහසුව තකා ජීවින්ව වර්ගීකරණය කරනවා.
මූලිකවම කිව්වොත් වර්ගීකරණයේ එක වටිනා ප්‍රයොජනයක් තමයි සෑම ජීවීන් වර්ගයකටම ඔවුන්ට පමණක් පොදුවූ නාමයක් දීමට හැකිවීම.
ඒකට අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමය වන්නේ ස්වභාවික නාමකරණයයි.
මෙම ස්වභාවික වර්ගීකරණයේ මූලික ඒකකය විදියට භාවිතා
කරන්නේ විශේෂය කියන ඒකකයයි.
එය ස්වභාවයෙන්ම තීරණය කර තිබෙන වර්ගීකරණ මට්ටමක්.
මෙම ස්වභාවික වර්ගීකරණයේ අනෙකුත් මට්ටම් මිනිසා විසින් නිර්මාණය කරන ලද වර්ගීකරණ මට්ටම්.
එම එක එක මට්ටම් තක්සෝන කියල හඳුන්වනවා.
මෙම තක්සෝන ඉහල සිට පහලට එනම් වැඩි එකේ ඉඳල අඩු එකට කියනවනම්
රාජධානිය,වංශය,වර්ගය,ගෝත්‍රය,කුලය,ඝනය සහ පහලම තියෙන එක
එනම් ස්වාභාවික වර්ගීකරන ඒකකය විශේෂය වෙනවා.
මිනිසා ඇතුලු සියලූම බහුසෛලික (එනම් සෛල එකකට වඩා ඇති ),විෂම පෝෂී(සරලව කියනවානම් තමන්ගේ ආහාර තමන් නිපදවා නොගන්න )
ජීවීන් අයත් වෙන්නේ ඇනිමාලියා කියන රාජධානියටයි.
ස්වයංපෝෂී(එනම් තමන්ගේ ආහාර තමන් විසින් නිපදවා ගන්නා)බහුසෛලික ජීවීන්(එනම් සෛල එකකට වඩා ඇති )ජීවීන් අයත් වෙන්නේ ප්ලාන්ටේ
කියන රාජධානියටයි.ප්ලාන්ටේ රාජධානියට අයත් වෙන්නේ ශාඛ.
ප්ලාන්ටේ රාජධානිය ප්‍රධාන වශයෙන් Division පහකට බෙදා දක්වනවා.මේවා මිනිසා විසින් වර්ගීකරණයේදී භාවිතා කරන
උපරි වර්ග ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒවා Bryophyta,Pterophyta.Lycophyta,Cycadophyta සහ Anthophyta ලෙස පහකි.
Bryophyta ලෙස හඳුන්වන්නේ මුල්ම ගොඩබිම ශාඛයි.
Anthophyta ලෙස හඳුන්වන්නේ සපුෂ්ප ශාඛයි.
මේ අතරින් Pterophyta division එකට අයත් ශාඛ ලෙස පර්ණාංග හඳුන්වන්න පුළුවන්.
එයට අයත් විශේෂයන් උදාහරණ ලෙස දක්වනවානම් Nephrolepis හා Salvinia(ජලජ මීවන ) දැක්වීමට හැකිය.
පර්ණාංග ශාඛයේ ජීවන චක්‍රය මෙසේ දැක්විය හැක.
ජීවන චක්‍රයේ ප්‍රමුඛ අවස්ථාව බීජාණු ශාකයයි.
පර්ණාංග ශාකයේ බීජනු ශාඛය යනු සාමාන්‍යයෙන් අපිට පරිසරයේ දැක ගත හැකි මීවන ශාකයි.
මෙම බීජානු ශාකයේ පත්‍රවල යටි පැත්තේ ඇති සොරස තුල මේවායේ බීජණුධානි ඇත.
මීවන ගහක කොලයක් අරන් බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි කොළයේ යටි පැත්තේ දාරවල තිබෙන බෝංචි ඇට හැඩැති සොරසයන්.
මෙම සොරස තුල බීජානුධානි අන්තර්ගත වේ.
බීජාණුධානි තුල බීජාණු හට ගන්නවා.
ඒ බීජාණු සුළඟ මඟින් ව්‍යාප්ත වෙලා සුදුසු උපස්තරයක් මත පතිත වුණාම ඒක
ප්‍රරෝහණය වෙලා මේ ඡායරූපවල තිබෙන ජන්මාණුශාඛ ඇති වෙනවා.
මෙම ජන්මාණු ශාඛය සෙන්ටිමීටර එකක් එකහමාරක් විතර ලොකුයි.
හැඩය හෘදයාකාරයි.
තලසක් වගේ පසමත වැතිරිලා වැඩෙන ශාඛයක්.
තෙතමනය රැඳෙන ස්ථාන වල දැක ගන්න පුළුවන්...
මෙම ජන්මාණු ශාඛයේ ශුක්‍රාණුධානි හා අණ්ඩාණුධානි පිහිටනවා.
එම ශුක්‍රාණුධානිවල ඇතිවන ශුක්‍රාණු වැසිකාලයේදී ජලය ඔස්සේ පිහිනා
ඇවිත් අණ්ඩාණුධානියට ඇතුලු වෙලා ඩිම්භසෛලය සමඟ සංසේචනය වෙලා යුක්තාණුවක් ඇති වෙනවා.
මෙම යුක්තාණුව බෙදී කළලය බවට පත් වන අතර කලලය පසුව බීජාණුශාඛය බවට පත් වෙනවා.
හෘදයාකාර මෙම ජන්මාණුශාඛය ඔයාලට වැහිවතුර බැහැලා යන කාණු වල ඉවුරේ,ඉවුරුවල,තෙතමනය සහිත ස්ථානවල දැකගන්න පුළුවන්.
මමත් මේ පින්තූර ටික ගත්තේ පිරිසිදු වැහිවතුර බැහැලායන කාණුවකින්.
හැබැයි කුණුවතුර කාණුවලනම් මේවා දකින්න හම්බ වෙන්නෙ නැහැ.











මේ පින්තූර දෙකේ දකින්න ලැබෙන්නේ තෙතමනය සහිත ස්ථාන වල බහුලව දකින්න ලැබෙන මීවන වර්ගයක්.

පිංතූර බලලා ගුණදොස් කියල comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැන්ඩි.......

Friday, June 4, 2010

නොනිමි ඇරඹුමක දෙවැන්න......................

කිරිවෙහෙර



සැඟවුන කතාව..........

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ කතරගම කිරිවෙහෙරයි.
මේක ගත්තෙ ගිය අවුරුද්දෙ කතරගම ගිය වෙලාවෙ.
කිහිප සැරයක් කතරගම ගියත් මගෙ ජීවිතේට අමතක වෙන්නෙ නැහැ මේ ගමන නම්.
ඒ ආපසු එන අතරමගදි අපි මුහුණදීපු අකරතැබ්බයක් නිසයි.
ඒක ගැන මම පස්සෙ කියන්නම්.
අපි එදා කතරගම යන්න පිටත් වුනේ පාන්දර එකට විතර.
අපි උදේ 6 විතර වෙනකොට කතරගමට ගියා..
මේ පින්තූරය ගන්න කොට වෙලාව උදේ 6.30ට විතර ඇති.
එදා ටිකක් වැහිබර දවසක්.
අපි කිරිවෙහෙර වඳින්න ගියා දේවාලය 7ට හරි 8ට හරි අරිනවා කියල කිව්ව නිසා.......
වැඩිය සෙනග හිටියෙත් නැහැ උදේම නිසා.
මෙම පින්තූරය ගත්තෙ උදේ 6.30ට විතර...ඒ වෙලාවෙ ට්කක් විතර වර්ෂාව තිබුන..
අහසත් අඳුරුයි.උදේම නිසා ඉර එළියත් වැටිල තිබුනෙ නැහැ හරියට
වැහි අඳුරත් එක්ක මේ පින්තූරය අමුතු පාටක් පේනවා........
උදේම ගන්න ඡායාරූප වල අමුතු ලස්සනක් තියෙනවා කියල මම හිතන්නෙ ..
ඒ වෙලාවට ඇති ආලෝක තත්වය දවසේ වෙන කොයි වෙලාවකවත් දකින්න ලැබෙන්නෙ නැහැ....
උදේට දකින්න ලබෙන වර්ණ සංයෝජන වලට මම කොහොමත් ප්‍රියතාවක් දක්වනවා...



සැඟවුන කතාව..........

මේ දෙවෙනි ඡායරූපය ගත්තෙ උදේ 7.30 ට 8 ට විතර.
ඒ වෙලාව වෙනකොට වැහි අඳුර ටිකක් අඩුවෙලා ඉර එළිය එහෙම වැටෙන්න පටන් අරන්.
උදේ 8ට විතර වැටෙන ඉර එළිය සමඟ හරිම ලස්සන දසුනක් මැවෙනවා......
මේ ඡායාරූපයෙත් අමුතුම එලියක් වෙහෙරට වැටිල තියෙනවා......









සැඟවුන කතාව..........

මේ අනෙකුත් පින්තූර තුන ගත්තෙ පහළට ආවට පස්සෙ....
ඒ වෙලාව වෙනකොට කිරිවෙහෙරට එන බැතිමතුන් ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න පටන් අරන්..
මේවගේ ස්ථානයකට ගියාම හරියටම එතන දවසම ඉන්න හිතෙනවා...මේ වගේ ස්ථානයකට ගියාම දැනෙන මානසික සුවය කියල නිම කරන්න බැහැ....
මටත් කිරිවෙහෙර ළඟට ගියාම එහෙමම දැනුනා හැඟුනා......ඔය ගොල්ලොත් කතරගම යනවනම් උදෙන්ම එතෙන්ට ගිහින් බලන්න......
ඒ වෙලාවට වැඩ කරන සේවකයන් ඇරුනම වෙන කවුරුවත් නැහැ........
නිස්කලංකව තම තමන්ගේ වන්දනා මාන කටයුතු ටික කරගෙන පරිසරයෙ අසිරියත් විඳගන්න කියාපු වෙලාව ඒක......



බුදුන් පුදට...............










සැඟවුන කතාව..........

මේ මල් නම් අපේ ගෙදර පොකුණෙ පිපුණ ඒවා නෙවෙයි.අපේ ගෙදර තියෙන්නෙ සුදුපාට විතරයි.මේ මල් ටික අපේ අම්මා කිරිවෙහෙරට පූජා කරන්න ගත්ත මල්....
ඡායාරූපකරණයේදී භාවිතා වන එක් රීතියක් මෙම ඡායරූප වල කඩවී තිබුනත් මෙම මල් වල වර්ණ සංයෝජනය
ලස්සනයි කියල මට හිතුන නිසා මෙම ඡායාරූප ඔය ගොල්ලන්ටත් පෙන්වන්න කියල මම හිතුනා....
මේ මල් අතරෙ නෙළුම්මල් සුදුමානෙල්,නිල්මානෙල් සහ රතුමානෙල් මල් තිබෙනවා........
එකට තියෙන කොට මේ මල් කොච්චර ලස්සනද කියල බලන්නකෝ..........



නොකියූ කතාව............

ආ ඔන්න දැන් තමයි අර නොකියපු කතාව කියන වෙලාව......
මේ කතාව මම දැන් කිව්ව්ට පැහැදිලිවම මගේ හොඳම යාලුවටවත් කිව්වෙ නෑ ලැජ්ජාවට......
මේ සිද්ධිය වුනේ අපි කතරගම ගිහින් ආපහු එනකොට......
වුණදේ නම් සම්පූර්ණයෙන්ම කියන්න බැහැ.......
ඒත් මටවුණ දේවල් කියන්නම්කෝ........
මුලින්ම හිතා ගන්න අපේ වාහනය ඉගිලුනා කියල.......හික් හික්.....මේක තමා මමත් ඉඟිලුන පළමු වතාව....
ඒ වුනාට අපේ වාහනයට සීරීම් ඇරෙන්න බරපතල අලාභානියක් වුනේ නැහැ.......
අපේ අම්මගෙ කකුල පොඩ්ඩක් උලුක්කු වුනා එහාපැත්තෙ ඉඳගෙන හිටපු අපේ මාමාගෙ පුතා ඇවිත් අපේ අම්මගෙ කකුල උඩට වැටුන නිසා.....
ඔන්න ඒ වෙලාවෙ මම නම් හිටියෙ වාහනයෙ ඉස්සරහ.......හිටියෙ සැප නින්දක..........
මේ සිදුවීම වුනෙත් අපේ වාහනය පදවපු අයියට නින්ද ගිය නිසයි................
ඉතින් ඔන්න හරියටම වුන දේ කියන්නම්කෝ......මට නම් මතක එක පාරටම මම තත්පර 10ක් විතර පියාඹල බිමට පාත් වුනා කියල තමා.....
මට නින්ද ගිහින් හිටිය නිසා අර උඩින් ගිය වෙලාවෙ මගෙ ඔළුව කීප පාරක්ම තදින් ඉදිරිපස වීදුරුවෙ තදින් වැදිල තියෙනවා.....මට නම් මතක නැහැ...
ඒ වුනාට අනිත් ඔක්කොම දැකල තියෙනවා......
ඔන්න ඉතින් වාහනය නැවතුන හැටියෙම අනෙක් කට්ටිය දනි පනි ගාල නැඟිටල එලියට ඇවිල්ලා ..
ඒත් මම හෙලවුනේවත් නැති නිසා කට්ටිය බයවෙලා.....
ඉතින් කට්ටිය ඔක්කොම මගෙ මූණට වතුර එහෙම ඉස්සහම තමා මම නින්දෙන් නැඟිටල තියෙන්නෙ.....
ඕකට ඔක්කොම එක්ක මට තවත් මාස 3ක් 4ක් විතර යනකම් හිනා වුණා....
ඒත් ඉතින් නින්ද ගියා කියල මොනව කරන්නද..? ඒත් මට ඊට පස්සෙ ටික දුරක් එද්දී තදින්ම දත් කැක්කුමක් හැදුනා...
ජීවිතේටම දත් කැක්කුමක් හැදිල නැති මට එදා දත් කැක්කුමක් හැදුන එකට මටම පුදුම හිතුනත් පැනඩෝල් පෙති 2ක් බිව්වම ඒක අඩුවුන නිසා මම ගණන් ගත්තෙ නෑ............
හැබැයි බැලුවම ලොකුම හානිය වෙලා තියෙන්නෙ මට.....
ඊට සති දෙකකට විතර පස්සෙ ටික ටික හැදුන දත් කැක්කුම වැඩියෙන් හැදුන නිසා දන්ත වෛද්‍යවරයෙක් ලවා
පරීක්ෂා කර ගත්තමයි දැනගත්තෙ එදා අර වීදුරුවෙ වැදුන පාරට මගේ උඩුහක්කෙ දතක් පුපුරල කියල.......
කොච්චර බෙහෙත් බිව්වත් කැක්කුම ඉවසන්න බැරි නිසා මම ඒ දත ගලවන්න අකමැත්තෙන් උනත් හා කිව්වා.....................
ඔන්න ඕකයි වුනේ...........කාට වුනත් වරදක් කියන්න බැහැ දෙයක් වුනාට පස්සේ.......................
හැබැයි සිද්ධිය දැකපු අය කිව්වෙ වන්දනා ගමනක් ගිහින් එන නිසා අපට මුකුත් කරදරයක් වුනේ නැත්තෙ කියල.........
හැබැයි මතක තියා ගන්න ඕනෙ දෙයක් තමා එක පුද්ගලයෙකුගෙ නින්දෙන් තවත් දහසක් දෙනාගෙ ජීවිතත් තවත් කෙනෙක්ගෙ දේපලකුත් නිරපරාදේ විනාශ වෙන බව...........
ඒක නිසා අපි දැන ගන්න ඕනෙ එහෙම අත්වැරැද්දකට තිබෙන ඉඩකඩ අඩු කරගන්න.
ඒක නිසා හැමවිටම ඔබ රථයක් පදවනවානම් නිදිමත සෑදෙන විටෙක ඔබේ නිදිමත පහවන තුරු රථය මාර්ගයෙන් ඉවතටගෙන නවතාගෙන
සිට නින්දක් ලබා නැවත ධාවනයේ යෙදෙනවානම් වඩාත් සුදුසුයි.
අනෙක් කාරණාවනම් ඔබ රථයක ගමන් කරනවානම් නිතරම රියදුරු සමඟ කතාබහේ යෙදෙන්න.....
එමඟින් මෙවැනි සිදුවීම් වලක්වා ගතහැකිවේ..
අර " Talk to the man on the wheel" කියලත් කියනවනේ.......

කැන්ඩි.......








Tuesday, June 1, 2010

නෙතක් සොයා ගිය නොනිමි චාරිකාවේ ආරම්භය.............

මුල්ම මල......................



සැඟවුන කතාව................


මෙම පින්තූරයේ ඇති මල අපේ ගෙදර පොකුණෙ පිපුන මලක්...
අපේ අම්මා මේ පැළය ගෙනාවෙ ලොකු අම්මාගේ ගෙදර තිබුණ පොකුණෙන්..
ගෙනාපු පොකුණෙ නම් තිබුනෙ නිල්මානෙල්.....
හැබැයි ඒකෙ සුදු ගහකුත් තිබිල තියෙනව ලොකුඅම්මට වැරදිලා දීල තියෙන්නෙ සුදුපාට පැළයක්......
මල පිපුන දවසෙ නම් අපේ අම්මගෙ ඉහේ මලක් පිපුන වගේ තමා...........
ඇයි පාට සුදුනෙ...
මේ මල උදේ 7ට විතර පිපිලා 10 විතර වෙනකොට ඇකිලෙනවා....
මේ පොකුණ තියෙන්නෙ මගේ කාමරය අයිනේ, මේක වාසභවන කරගත්ත කට්ටිය රැට
ගීත නාද පවත්වද්දී ඉතින් මට තමා නින්ද යන්නෙ නැත්තෙ.....




පැත්තෙන් බැලුවහම................


අරත්ත මල...........



සැඟවුන කතාව................

මේ මල නම් කලාතුරකින් දකින්න හම්බවෙන මලක්.
මේ අරත්ත ශාකයේ මල්....
අපේ අම්මා ගෙදරට ගේන හැමදේකින්ම පැළයක් හදා ගන්නවා....
මේකත් එහෙම හිටවපු එකක්...............
අරත්ත ශාකය ආයුවේද ඖෂධයක් ලෙස යොද ගන්නවා.
වැඩිපුරම ඖෂධ ලෙස යොද ගන්නේ භුගත කඳයි.............

අඳු..........


සැඟවුන කතාව................

නයාට අඳුකොළ වගේ... කියල අහල ඇතිනෙ නේද.....?
මේ තියෙන්නෙ අඳුගහේ පුෂ්පමංජරිය........
පුංචි වුනාට හරිම ලස්සනයි නේද?



කමුද දං.............


සැඟවුන කතාව................

ලොකු පොඩි කවුරුත් කන්න ආස කරන පළතුරක් මේක........
ඉස්සර ළමයි නම් හරිම ආසාවෙන් මේවා රස බැලුවට අද පොඩි ඈයින්ටනම් මේවගේ රස බලන්න වෙලාවක් නැහැනේ නේද?
මේ ගහ මම ඉතුරු කරගෙන තියාගෙන ඉන්නෙ මටත් රස බලන්න............
තවම කොළම කොළ පාටට හිටියට මෙයාගෙ ලස්සන ඉදෙන කොට..........
හැබැයි මම පරිස්සම් කරගෙන හිටියට මම ගෙදර නැති දවසට අපේ වත්ත එලි පෙහෙළි කරන්න එන අයගෙන් නම් මෙයාට වැඩිපුරම වෙන්නෙ හානි.....
දංගෙඩියක් කාල කට පාට කරගෙන බලන්නකෝ........................


මව් සෙනෙහස.............


සැඟවුන කතාව................

මෙයාව නම් මට හම්බ වුනේ පැල්මඩුල්ලෙ අක්කලගෙ ගෙදර මිදුලෙදි.....
මෙයා මිටි ගහක එයාගෙ කූඩුව හදාගෙන බිත්තර දාල රකිමිනුයි හිටියෙ.........
මෙයා බයගන්වන්නෙ නැතුව අතු එහා මෙහා කරල මේක ගත්තෙ නම් ටිකක් අමාරුවෙන්.......
අපි ගිය දවස වෙනකොටත් මෙයා මේ වැඩේ පටන් අරන් දවස් දෙකක් වෙනව කියල අක්කගෙ අප්පි කිව්වා............................

කැන්ඩි.......