Friday, August 27, 2010

ඉතිරි වුන එකොලොස්වැන්නත් සමඟින්....

ප්‍රංශ බැදුම් -02


ප්‍රංශ බැදුම්-01 කියෙව්වේ නැත්නම් මෙතනින් යන්න.

සැඟවුන කතාව...

ඔන්න ඉතින් ප්‍රංශ බැදුම් එක නවත්වපු තැනින් මම නැවතත් පටන් ගන්න හිතුවා.


ඔහොම විනාඩි දෙකක් විතර නටන වතුරෙ දාලා තිබුණ අල ටික එකෙන් අරන් පොඩ්ඩක් තෙත ගතිය අඩු වෙනකන් පොඩි දැල්වලින් තැනූ පෙරණයක තබනවා.ඉන්පසුව නැවත මෙම අල රත් වූ එළවළු තෙල් වල විනාඩි දෙකක් පමණ පිස ගන්නවා.ඉන්පසු මෙම අල නවතත් තෙල් බේරෙන තෙක් පෙර කී පරිදිම දැල් පෙරහනක තබා තෙල් ඉවත් වූ පසු (තෙල් ඉවත් වීමට තබන්නේ විනාඩි හතරක පහක පමණ කාලයකි )විශේෂයෙන් සකස් කරන ලද අධි ශීතකරණයක විනාඩි විස්සක පමණ කාලයක් තබා ගැනේ.මෙම අධි ශීතකරණය තුළ උශ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හතලිහක පමණ වේ.විනාඩි විස්සක් තුල ඉතාමත් අඩු උෂ්ණත්වයකට මෙම අල පත් කිරීම මෙහි අරමුණයි.

ඉන් පසුව මෙම විනාඩි විස්ස ඉවර වූ සැනින් මෙම අල එම අධිශීතකරණයෙන් ඉවතට ගෙන ඇසුරුම් කර නැවත සාමාන්‍ය අලෙවිසැල් වල භාවිතා වන අධිශීතකරනයක ගබඩා කිරීම සිදු කරයි.

























ඉන්පසු මෙම අර්තාපල් කූරු එහෙමත් නැත්නම් කැන්ඩිගේ භාෂාවෙන් නම් ප්‍රංශ බැදුම් වෙළඳපල කරා බෙදා හැරීම සිදුකරයී. ඒ සඳහා විශේෂයෙන් සකසන ලද ශීතකරණ පහසුකම් සහිත රථ වාහන මෙයට යොදා ගනියි.

මෙම අර්තාපල් කූරු ඉන්පසු පරිභෝජනය සඳහා සකසා ගැනීමට කළයුතු වන්නේ අධිශීතකරණයෙන් ගත් විගසම උණුතෙලෙන් රන්වන් පැහයවන තෙක් බැද ගැනීමයි.

මෙම කර්මාන්තයේදී අල කිසිම දෙයක් අපතේ යාමක් සිදුවන්නේ නැත.ඉතිරිවන සියළුම අල කොටස් පොත්තද ඇතුළුව සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගනියි.තවත් අත්‍යාවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ වර්ණය වෙනස් වීම වැලකීම සඳහාවත්,කල් තබා ගැනීම සඳහාවත් මෙම නිෂ්පාදනයේ කිසියම් ම හෝ නිෂ්පාදන අධියරයකදී මෙම නිෂ්පාදනයට කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවය .එම නිසා කිසිම ආකාරයකින් මෙම අල පරිභෝජනය ගැනීම සඳහා බිය විය යුතු නැත.

මෙම නිෂ්පාදනය දැනට වෙලඳ පොළේ දක්නට ලැබෙන්නේ සුපිරි අලෙවිසල් වල පමණකි.ඒ මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයවන විදේශීය නිෂ්පාදන මෙරට අලෙවි වීම වැලැක්වීම මූලික අරමුණ කරගෙනය.

මෙම විදේශීය නිෂ්පාදන සමහරක් නිපදවන්නේ ස්වභාවික අර්තාපල් පිටි බවට පත්කර එම අර්තාපල් පිෂ්ඨයට විවිධ රසකාරක රසායන ද්‍රව්‍ය එක් කිරීම මඟින්ය.එම නිසා මෙම නිෂ්පාදන පරිභෝජනයේදී අප විසින් සැලකිලිමත් විය යුතුය.

දැනට කීල්ස් ආයතනය එම ආයතනය විසින් කටයුතු කරගෙනයන ආකාරයේ දේශීය වෙළඳපල දියුණු කිරීම මුල්කරගෙන දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ක්‍රියා පටිපාටිය යටතේ මෙම නිෂ්පාදන මිලදී ගනු ලබයි.තවද අනෙකුත් සුපිරි වෙළඳ සැල්ද මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කරයි.

ඔන්න ඉතින් දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති මම කොහොමද මේ ඔක්කොම දෙවල් දන්නේ කියලා.මේ ආයතනය මගේ සහෝදරයාගේ ව්‍යාපාරයක් ඔන්න ඉතින් ඒක නිසයි මම මේක ගැන වැඩි විස්තර හෙම දැන ගත්තේ.හිමිකරු දන්නවානම් මම මේවා බ්ලොගයක දැම්ම කියලා මම ඉතින් ගස් තමා.හික්ස්.(කවුරුවත් එහෙම අල කූරු හදන්න ගන්නවා හෙම නෙවෙයි ඔන්න )

මෙය හුදෙක්ම දැනුම සහ ඡායාරූප ඔබ සමඟ බෙදා ගැනීමට පළ කළ බවද,මෙය අයියා වෙනුවෙන් මල්ලී කඩේ යාමක් නොවන බවද,මුදල් ගෙවා හෝ නොගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවන බවද කරුණාවෙන් සලකන්න.

කැන්ඩි.......

අපේම අපේ දසවැන්නත් සමඟින්.....


ප්‍රංශ බැදුම්-01...

අද මම පෙන්වන්න යන්නේ තරමක වෙනස් දෙයක් ඒ වුනාට මේකෙ ඒ තරම්ම වෙනසක් නැහැ කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන් .නමුත් මේක 100%ක්ම ශ්‍රීලාංකීය දෙයක් නිසා මේක අනිවාර්‍යයෙන්ම පෙන්වන්න ඕනේ කියලා මම හිතනව.ඡායාරූප රාශියක් තියෙන නිසා මම හිතුවා මේක කොටස් දෙකකින් ඔබ වෙත ගෙන එන්නට.

සති අන්තයට කොහෙ හරි ගියාම හපන එහෙමත් නැත්නම් සමහර විට ගෙදර නිකන් ඉන්න වෙලාවටත් හප හප ඉන්න අල කූරු එහෙම නැත්නම් ඔන්න මව් භාෂාවෙන් කියනවනම් French Fries එහෙමත් නැත්නම් කැන්ඩිගෙ භාෂාවෙන් කියනවනම් ප්‍රංශ බැදුම් ඔය ගොල්ල දැකලා ඇතිනෙ නේද?.ඉතින් මම අදපෙන්වන්න යන්නේ මේ අල කූරු නිෂ්පාදනය කරන විදියයි.

ශ්‍රීලංකාවේ දනට අලෙවි කරන මෙම නිෂ්පාදන සියල්ලම පාහේ විදේශයන් වල නිෂ්පාදිතයන්ය.ඒ නිසා ලාංකිකයන් වන අපට මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ඉතා අධික පිරිවැයක් දැරීමට සිදු වේ.එම නිසා මෙම අහාර වර්ග ශ්‍රීලංකාවේ නිෂ්පාදනය කිරීම මඟින් රටේ මුදල් රට තුළම ඉතිරිවනවා සේම දේශීය නිෂ්පාදකයෙක් වෙත එම විදේශයන්ට ඇදී ගිය මුදල් ළඟා වේ.අල අඩු වියදමකින් ලබා ගැනීමට පහසුවන පරිදි මෙම නිෂ්පාදන ආයතනය පිහිටා තිබෙන්නේ තරමක දුර බැහැරය.














මෙම පළමු ඡායාරූප කිහිපයෙන් දැක්වෙනේ සෝදා ගත් අල වල පොත්ත සූරා ගැනීම සඳහා භාවිතා කරන යන්ත්‍රයයි.මෙහි ඇතිලත බිත්තිය ඉතා රළු අමුද්‍රව්‍යයකින් නිමවා ඇති නිසා මෙම යන්ත්‍රය තුලදී අලයේ පොත්ත සීරී ඉවත්වීම සිදු වේ.








මෙය නැවත වරක් ඉතිරි වූ පොතු සියල්ල සූරා හැර සෝදා ගනු ලැබේ.








ඉන්පසු සිදු කරනු ලබන්නේ මෙම අල එහෙම නැත්නම් අර්තාපල් කූරු ආකාරයට සකසා ගැනීමය.එය ඉහත දක්වා ඇති උපකරණය මඟින් සිදු කරගනු ලබයි.
මෙම උපකරණයකට එකවර අලයක් බැගින් දමමින් මෙම ක්‍රියාව සිදු කරනු ලබයි.









මෙසේ කූරු කර ගන්නා අල ඉන්පසුව මිනිත්තු දෙකක් එක හමාරක් පමණ නැටීමට ආසන්න උෂ්ණත්වයේ ඇති වතුරේ බහා ලයි.එය සිදු කරන්නේ ඉහත දක්වා ඇති උපකරණ සහ යන්ත්‍ර උපයෝගී කරගෙනය.

ප්‍රංශ බැදුම් දෙවැන්නත් සමඟ හමු වෙමු.

කැන්ඩි.....

Saturday, August 21, 2010

සුන්දර නමවැන්නත් සමඟින්.......




සුන්දර කැනාස්...


































ටික දවසකින් මේ පැත්තේ ආවේ නැති නිසා පොඩි ඉස්පාසුවක් හම්බවුන හැටියේම ඔන්න මම එන්න හිතුවා.
ගෙවත්ත හැඩ කරන සුන්දර කැනාස් ශාඛය ඔබත් දැක තිබෙනවාද?

අදත් මම ඔබට පෙන්වන්න යන්නේ අපේ ගෙවත්තෙන් ගත් ඡායාරූප කිහිපයක්.

සැඟවුන කතාව.....
කැනා එහෙමත් නැත්නම් අපි කියන විදියට කැනාස් ශාඛය අයත් වෙන්නේ Zingiberales ගෝත්‍රයටයි.
විශේෂය ගනය කියන වචන ඔබට හුරු පුරුදු නැත්නම් ඒ වචන වල තේරුම හා තක්සෝන පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දැන ගැනීම සඳහා මෙතන ඔබන්න.මගේ පස්වැනි Post එකෙන් සම්පූර්න විස්තරයක් ඔබට ඒ ගැන දැන ගත හැකියි.සජීවී ලෝකයේ කැනාස් ශාකයට සමීපතම සබඳතාවක් ඇති ශාඛ වන්නේ එම ශාකය අයත් වන ගෝත්‍රයේ අනෙකුත් කුලයන්ට අයත් වන ශාකයි.එම කුලයට අයත් අනෙකුත් ශාක කුලයන් වර්ග වන්නේ ඉඟුරු වර්ග,කෙසෙල් වර්ග,මරන්තාස් වර්ග,හෙලිකෝනියා වර්ග සහ ස්ටෙරිලිට්සියාස් වර්ගයන්ය.මෙම අවසානයට සඳහන් කළ ශාඛ වර්ග තුන වන මරන්තාස් ,හෙලිකෝනියා සහ ස්ටෙරිලිට්සියාස් වර්ගද නම දන්නේ නැති වුනාට ඔබ දැක ඇති බවට සැකයක් නොමැත.මරන්තාස් විසිතුරු පත්‍ර ඇති ශාඛ වර්ගයකි.මෙය විසිතුරු පත්‍රික ශාඛ වර්ගයක් වශයෙන් ලංකාවේ වවනු ලැබේ.අනික් වර්ග දෙක වන ස්ටෙරිලිට්සියාස් හා හෙලිකෝනියා විසිතුරු පුෂ්ප මංජරි හට ගන්නා ශාඛයන්ය.මෙම වර්ග දෙකද ලංකාවේ විසිතුරු මල් වවන්නන් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇත.ඒ වර්ග දෙකෙනුත් හෙලිකෝනියා වර්ගය බෙහෙවින් ජනප්‍රිය වී ඇත.කැන්ඩිගේ අම්මගේ විසිතුරු ශාඛ එකතුවේත් මේ ශාඛ වර්ග අඩංගු නිසා ඉදිරි Post එකකින් මේවර්ග වල පිංතූරත් ඔයාලට පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා.

කැනා අයත් වන්නේ Cannaceae කුලයටයි.දැනට විද්‍යාඥයින් සොයාගෙන ඇති අන්දමට Cannaceae කුලයට අයත් එකම ගනය වන්නේ කැනා (Canna) යි.වර්ෂ 2003 දී වෙනස් කරන ලද නව ආවෘත බීජක ශාක වර්ගීකරණයට අනූව කැනා ගෝත්‍රයට Zingiberales ඇතුලත් කරන ලදී.මෙම ගෝත්‍රයේ පොදු පූර්වජ ආකාරය වන්නේ ඒක බීජ පත්‍රික ශාඛ වල පොදු පූර්වජ ආකාරයක් වන commelinids වේ.මෙය නව ආවෘත බීජක වර්ගීකරණයේදී නම් කරන ලද පොදු පූර්වජ ආකාරයකි.නිවර්තන කලාපීය ශාඛයක් වුවත් අද වන විට මෙම ශාකය බොහෝ රටවල වගා කෙරේ.

මීටරයක් පමණ උසට වැවෙන මෙම ශාඛය පලල් පත්‍ර සහිත ශාකයකි.භූගත රෛසෝමයක් සහිත වන ශාඛයක් වන මෙය විවිද වර්ණයන්ගෙන් යුත් පත්‍ර සහිත වේ.මැරූන් සහ දුඹුරු වර්ණයන්ගේ යුක්තවන Canna විශේෂද මේ අතර වේ.මල් වල වර්ණයන් රතු තැඹිලි කහ සහ එම වර්ණයන්ගේ මිශ්‍රනයන්ද දැකිය හැක.බොහෝ විට මෙම වර්ණයන් පරගනය සඳහා උද්වු වන කෘමීන් පැනි කුරුල්ලන් ආදී සතුන් ආකර්ශනය සඳහා සැකසී ඇත.මෙම ශාකයේ සමහර විශේෂයන් මීටර් දෙකක් තුනක් පමණ උසින් වැඩෙන අවස්ථාද ඇත.ප්‍රරෝහණය බීජ මඟින්ද පිෂ්ටය තන්පත් වූ භූගත කඳ මගින්ද සිදු වේ.
බීජය තද පැහැති වර්ණයක් ගන්නා අතර තද බීජවරණයකින් සමන්විත වේ.සමහර බීජ ව්යිරම් ස්වභාවයකින්ද දැකිය හැක.

තද පැහැති බීජාවරණයක් සහිත නිසා බීජවලට මාස දෙකක් තුනක් වැනි සුප්ත කාලයක් තිබිය හැක.මෙය කැනා Liliopsida වර්ගයට දක්වන පරිණාමික බන්ධුතාවක් ලෙස දැක්විය හැක.කැනා පැල ලබා ගැනීඑම ක්‍රම කිහිපයකින් කල හැක එනම් කැනාහි භූගත කඳෙන් එන පැල වෙන්කර නව ශාඛයක් ලබා ගැනීමයි.තවද භූගත කඳ වෙන්කර කඳේ අංකුර වෙන්කිරීම මඟින්ද පැල ලබා ගත හැක.තවද කැනා බීජ මඟන්ද පැල ලබා ගත හැක.මෙම කැනා බීජ ප්‍රරෝහණය ආරම්භ වීමට තවාන් දමා මාසයක් පමණ කාලයක් වුවද ගත විය හැක.

කැනාහි සම්භවය වර්තා වන්නේ ඇමරිකාවෙනි.එය එසේ වන්නේ සියළුම යුරෝපීය කැනාවිශේෂයන් යුරෝපයට ගෙනවිත් තිබෙන්නේ ඇමරිකාවෙන් නිසාය.කැනාහි සුන්දරත්වය නිසාම එය ජනප්‍රිය ගෙවතු ශාඛයක් බවට පත් වී ඇත.වෙනත් භාවිතයන් ගැන සඳහනක් කරනවා නම් මෙය සත්ව ආහාරයක් ලෙස වෙනත් රටවල භාවිතා කරයි.තවද කැනා ඇට ආභරණ වර්ග සෑදීමට ගන්නා අමුද්‍රව්‍යයක් ලෙසද භාවිතා කරයි.

නෙත සිත පිනවන කැනා ශකයක් ඔබේ ගෙවත්තටත් එකතු කර ගන්න.

කැන්ඩි...





Monday, August 2, 2010

සුපුරුදු ලෙස අටවැන්නත්...

කුරුළු පවුල.....











සැඟවුන කතාව...
මේ මුල්ම ඡායරූප දෙක මම ගත්තේ අවුරුද්දට අපි බාප්පලාගේ ගෙදර ගිය වෙලාවේ.ඉතින් හිතා ගන්නකෝ නෑගම් ගිය වෙලාව.අපේ බාප්පත් ටිකක් අමුත් ගතිගුණ තියෙන කෙනෙක් වුනත් අර හැම පුද්ගලයගෙම මොකක් හරි සුවිශේෂීත්වයක් තියෙනව කියල කියනවා වගේ එයත් හරිම කැමතියි ස්වභාව සෞන්දර්ය අත් විඳින්න.එයා දවල් දවසට ගෙදර ඉන්නවවනම් කරන්නේ වත්තේ ඇවිදින එක .ඒ වෙලාවට ඉතින් ඔන්න අනිත් අය නොදකින මොකක් හරි හොයා ගන්නවා. රෑටත් ඉතින් එයා කරන්නේ හතට අටට විතර විදුලි පන්දමකුත් අරගෙන වත්ත පහළ ඇවිදින එක.හැබැයි හොරු අල්ලන්න නම් නෙවෙයි.මොකද හොරු එන්නේ ඒ වෙලාවට නෙවෙයිනේ.ඉතින් එදාත් අපි ගිය වෙලාවේ බාප්පා ඇවිදිනවා.ඔන්න ඔය වෙලාවේ තමයි මේක දැකල තියෙන්නේ. මෙතන ඉන්නෙ කුරුළු පවුලක්. දෙපැත්තේ ඉන්නේ අම්මයි තාත්තයි.සත්ව ලෝකයේ වුනත් මව්පිය සෙනෙහස කොතරම් නොඅඩුව දරුවන්ට ලැබෙනවද කියලා පේනවා නේද?මම ළඟට ගිහින් මෙම ඡායාරූප ගන්නවවත් මේ අය දන්නේ නැහැ.ඒ තරම් තද නින්දක ඒ අය හිටියේ.හැබැයි ළඟට පෙනුනට මේ අත්ත තිබුනේ කිසිම සතෙකුට ළඟා වෙන්න අපහසු විදියට.



ඉද්ද කරල..








සැඟවුන කතාව...
මේ තියෙන්නේ අපි දකින සාමාන්‍ය ඉද්ද ගහේ කරලක්.මේකේ බීජ ඉඹුල් මල් වගේ සුළඟේ පාවෙලා යන්න අනුවර්තනය වෙලා තියෙන්නේ.මේකත් බීජ පරිනත වූ පසු ඒවායේ ව්‍යාප්තිය සිදුවීමට ස්ඵෝටනය වූ කරලක්..මේකට කියන්නේ ඉද්ද කියලදකිරි ඉද්ද කියලද නම් මම දන්නේ නැහැ.කවුරු හරි හරිම නම කියන්න ඔන්න මම පින්තූරෙකුත් දැම්මා..


වෙසක්..















සැඟවුන කතාව...
ඔන්න ඉතින් කැන්ඩිත් ගියා මෙදා පාරත් වෙසක් බලන්න.මේ ඡායාරූප ගත්තේ ඒ යන අතර මගදී තමයි.කැන්ඩි වෙසක් බලන්න ගියේ කැන්ඩිට ඉන්න හැට හුටහ මාරක අයියල කට්ටිය එක්ක තමයි.ඔන්න එක්කෙනෙක් නම් විදේශ ගත වෙලා නිසා ගමනට එකතුවුනේ නැහැ.එයත් හිටියනම් ඔක්කොම හිටියා කියලා කියන්න පුළුවන්.ඉතින් කියනවා නම් වෙසක් බැලිල්ල කොච්චරද කියලා කලින්දා රෑ අට නමයට ගිය කට්ටිය ගෙදර ආවේ පහුවදා උදේ හයට විතර.ඉතින් වෙසක් බැලිල්ල කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ නේද?
හැබැයි ඉතින් බලන්න ඔනේ කියන හැම එකම බැලුවා කොළඹ නගරය ඇතුලත ,කොළඹ නගරය අවට තියෙන සියලුම වෙසක් තොරණ පහන් කූඩු සියල්ල නැරඹුවා.කොහොමින් හරි කැළණිය තොරණත් බලලා තමයි අන්තිමට ගෙදර ආවේ.ඔය සියල්ලම කැන්ඩි ඡායරූප ගත කළත් කැන්ඩිගේ දුරකතනයේ දෝෂයක් නිසා ගත්ත ඡායාරූප වලින් හතරෙන් තුනක්ම මැකිලා ගියා.ඒ වුනාට ඉතින් ඉතිරි වෙච්චි ඒවා හරි කැන්ඩි ඔන්න පෙන්නන්න හිතුවා.ඔය පෙන්වලා තියෙන ඡායාරූපයේ දැක්වෙන තොරණ අතුරුගිරිය නගරයේ ප්‍රදර්ශනය කළ තොරණ.අනෙකුත් ඡායාරූප වල දැක්වෙන පහන් කූඩුව තමයි ප්‍රථම වරට බෙල්ලන්විල විහාර පරිශ්‍රයේ ප්‍රදර්ශනය කළ ගුණසේන කුරුකුලසූරිය මහතාගේ පහන් කූඩුව.වෙනත් වර්ෂ වලනම් මෙය ප්‍රදර්ශනය කළේ සීදූවේදීය.මෙය කවුරුත් දන්නේ සීදූවේ පහන් කූඩුව කියලා.මමත් හරිම ආශාවකින් මේක නරඹන්න ගියත් හැමෝම කිව්ව විධියේ ලස්සනක් මේකේ තිබුනද කියලත් මට හිතුනා...ඕක ඉතින් මගේ අදහස හොඳේ..කාටවත් අපහාසයක් එහෙම නෙවි.


කැන්ඩි...